Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ව ඇප නිදහස් කිරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි. මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කළ ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. ඒ අනුව සක්‍රිය සේවයේ නිරත සියලු යුද හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක දීමනාව 2023 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුද හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා කීය.
තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක හමුදාවේ ප්‍රධානියකුට වාහන පෙළපාලි යන්න මුදල් දුන්නේ කවුදැයි තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි. චන්දිම වීරක්කොඩි මහතා මෙසේද සඳහන් කළේය. පෙරේදා මම ගාල්ලේ ඉඳලා කොළඹ එනකොට හමුදාපති තරු ගහ ගත්ත වාහනයක් වාහන හතක් එක්ක එනවා දැක්කා. සමහරවිට හමුදාපති වෙන්න ඇති. රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක මේ වගේ ඉහළ නිලධාරීන් මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබට පියවර…
ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වලක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බව හෙතෙම පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (20) ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා…
රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාට ලෝක නායකයින්ගෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා බවද ඇමරිකාවේ ජනාධිපති ,එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව සඳහන් කළේය. ඉතිහාසය පුරාම ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට නැවත නගා සිටුවන අභියෝගය බාරගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් එතුමා මේ මොහොතේත් වැටුණු රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඒ සඳහා සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බව එජාප සභාපතිවරයා කීය. වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ…
සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීම නිසා ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා කකුල බද්ද කළ නොහැකි බව රෝහල් ආරංචි මාර්ග කියයි. පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරියගේ පාදය කපා දමා ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකගේ බවත් මෙම කාන්තාව ඒ අවස්ථාවේම රෝහල් ගත කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. රෝගියාගේ තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ, රෝගී කාන්තාව රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම මත වෙන්ව ගිය පාදය බද්ධ කිරීමේ හැකියාවක් නොමැති බවත් ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩි දුර ප්‍රතිකාර…
වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ. ඉන්දියාවේ “IndiGo” සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ සම්බන්ධයෙන් නිවේදනය “පැරිස් ගුවන් ප්‍රදර්ශනය” ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය. ඒ සමගම “IndiGo” සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි. එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී “IndiGo” සමාගමට ලැබීමට නියමිතය.
හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවසේ සිටියදී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය. වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (20) අනාවරණය කළේය. ඔවුන් පෙන්වාදුන්නේ මෙම රෝගය මාරාන්තික විය හැකි බවය. පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න
හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම මහතාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව මෙම මස 22 දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.