Author: LFN

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි. චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් මහතාගේ ආරාධනයකට අනුව අලි සබ්රි අමාත්‍යවරයා එම සංචාරය සිදුකිරීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ. ඒ අනුව, ලබන 24 වනදා සිට 30 වනදා දක්වා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය චීන නිල සංචාරයක නිරතවේ.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඊයේ (21) පැවති තවත් තරගයකින් එක් කඩුල්ලක ජයක් ලබාගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය. ඒ, අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නියැලුණු Curtis Campher පන්දු 108කදී ලකුණු 120ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය. පන්දුවාර 19ක් අවසානයේදී අයර්ලන්තය ලකුණු 72කට කඩුලු 05ක් දැවී අසීරු අඩියක සිටියදී පිටියට පිවිසි Curtis Campher මෙම අගනා ඉනිම ගොඩනගමින් කණ්ඩායම ඉහළට ඔසවා තැබීය. George Dockrell ලකුණු 69ක්…

Read More

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවද එම වැඩසටහන සඳහන් කළේය. විශේෂයෙන් කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බව සඳහන්ය. ඒ අනුව, මෙම වසරේ පළමු කාර්තුව තුළ ක්ෂය රෝගීන් 2525 දෙනෙකු හඳුනාගෙන ඇති බව ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.

Read More

නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව සිය ප්‍රකාශය මගින් බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍ය අතිශයින් හෑල්ලුවට ලක්කර ඇති බව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය. නතාෂා ජූලි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නොවන බවය. අන්තර්ජාලය හරහා ආගමික සහජීවනයට බාධා කිරීම සහ වෛරය වැපිරවීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින නතෂා එදිරිසූරිය සහ ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රශ්නගත යූටියුබ් නාලිකාවේ හිමිකරු බෘෘනෝ දිවාකර සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි සලකා බැලුණි. එහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, මීට පෙර නඩු…

Read More

ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික කුඹුරුයායකට ජලය ලබාගැනීම වෙනුවෙන් පදවිය ජලාශයේ මුරකරුට මත්පැන් පොවා අධිබලැති ජැක් ආධාරයෙක් වාන් දොරටුව විවෘත කරගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට ජුලි 12 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නියෝග කර තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමුකරන්නැයි ද කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලීසියට නියෝග කර ඇත. මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (21) පදවිය සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සියලු සැකකරුවන්ට ලබන ජූලි මස 12…

Read More

ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගතකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “රසල් ඇලෝසියස් ස්මිත්” නමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි. අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි. රසල් නමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක අවධානයට ලක් නොවූ පුද්ගලයකු බවද පොලීසිය කියයි. පොලීසිය තවදුරටත් සඳහන් කළේ, රසල් නමැත්තාගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවය. රසල් නමැත්තා ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවන රත්මලාන කුඩු අංජු නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමට පෙර එම…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන්කළ පසු බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇතිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “මරණ දඬුවම ලබාදෙන ලෙස මම අත්සන් කළාට පස්සේ බන්ධනාගාරයෙන් කතා කරලා… ‘අනේ සර් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මේක අත්සන් කළා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් බන්ධනාගාරයේ කාමර හෝදලා ඉවරයක් නැහැ. මරණීය…

Read More

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබේ. ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය. අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.

Read More