Author: LFN

වයස අවුරුදු 12යි මාස 8ක ගැහැනු දරුවෙක් දුෂණය කළ බවට සැක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ අදාළ ගැහැනු දරුවා පාලනය කරගැනීමට නොහැකි බව පවසමින් ඇයගේ දෙමාපියන් විසින් වැලිමඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවය. ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ ගැහැනු දරුවා පරිවාස භාරයට පත්කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය. එසේ තිබිය දී දැරියගේ පියා විසින් පරිවාසයෙන් ලබාගත් නියෝගයක් මත නැවත වතාවක් ඇයව නිවස වෙත රැගෙන විත් තිබු බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය. එසේ තිබිය දී අදාළ දැරිය ජූනි මස 11 වනදා වැලිමඩ නගරයේ සිටින බවට…

Read More

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ජුනි 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේ. එවන් පසුබිමක විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී කිසිසේත් පිටි මිල වැඩිනොවන බවයි. පිට මිල වැඩිනොවුනද අනෙකුත් අමුද්‍රව්‍යවල මිල පහළ නොයෑම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් සංගමයේ ප්‍රකාශත්…

Read More

ඩෙංගු මර්දන ව්‍යපාරය සඳහා බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “2016 බඳවා ගත් කණ්ඩායමක් හැබැයි මේ අයගේ ප්‍රශ්නය තියෙන්නේ මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැති අය. ඒ අය බඳවාගෙන මේ වන කොට අවුරුදු 8ක් වැඩකරලා තියෙනවා. දැන් ආයේ සුදුසුකම් බලන්න…. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් ඒ එක්කම මේකත් ලබාදිය යුතුයි. ස්ථිර කළ යුතුයි කියලා කැබිනට් පත්‍රිකා 3ක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ කැබිනට් පත්‍රිකා තුන ගැන…

Read More

උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එහිදී බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවය. මේ අතර ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන එක්සත් රාජධානිය සමග අද සිට භාණ්ඩවලින් 92%ක් තීරුබදු රහිතව ගනුදෙනු කළ හැකි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ. එමඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳපොලේ තරඟකාරීත්වය ඉහළ යනු ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. සංවර්ධනය වෙමින්…

Read More

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, 2022 වසරේදී වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 559ක් බවය. මේ අතර ගිය වසර තුළ වෙඩිතැබීමේ සිද්ධි 60කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වාර්තාවී ඇති වෙඩිතැබීම් සංඛ්‍යාව 34ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මෙරට තුළ සිදුවන වෙඩිතැබීම් හා අපරාධ අවම කිරීම සඳහා ක්ෂේත්‍රයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

Read More

දළදා මාළිගා පරිශ්‍රයේ කැළිකසළ බැහැර කිරීමට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී T56 උණ්ඩවල හිස් කොපු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, “රතු පැහැති බෑගයක් තුළ T56 උණ්ඩවල හිස් කොපු 31ක් තිබිලා සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධව ලොරි රථ රියදුරාගෙන් සහ රථයේ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා.. දින කිහිපයකට පෙර දළදා මාලිගාවෙන් කසළ ද්‍රව්‍ය අරගෙන නගරයේ කැළිකසළත් එකතු කරගෙන ඒ ප්‍රදේශයේ තිබෙන යුද හමුදා කඳවුරක කසළ ද්‍රව්‍ය ලබාගැනීමේදී කඳවුර තුළ තිබූ යම් බඳුනක් තුළ මෙම හිස් උණ්ඩ කොපු තිබූ බව.” “ඒවා යම් මුදලකට අලෙවි කිරීමේ හැකියාව තිබෙන නිසා…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…

Read More

මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට අද (20) රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ එම කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබීය. අදාළ කාරක සභාව පළමු…

Read More

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ. ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමේන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග…

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හංවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 600 ක් සහ ජංගම දුරකථන 03 ක් සන්තකයේ තබාගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක (ආමි සුමිත්) යන අනුවර්ථ නාමයෙන් හදුන්වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙනතිබෙනවා. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read More