Author: LFN

හොරණ දෙල්ගහගොඩැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී මත්පෙති සීයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.අත්අඩංගුවට ගත් කාන්තාවවැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම මත්පෙති හොරණ ප්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගීවන පාසල් සිසුන් ඉලක්කකර ගෙන අලෙවි කිරීම සිදුකර ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

Read More

උසස් පෙළ හදාරන සිසුවියකගේ රන්මාලය කොල්ලකෑ ව්‍යාපාරිකයෙකු මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපකාර පංතියකට සහභාගී වී නැවත බස්රථයෙන් නිවස බලා එමින් සිටි අවස්ථාවේදී මෙම සැකකරු විසින් බස් රථය තුළදී සිසුවියගේ රන් මාලය කඩා ගෙන තිබේ.බස් රථයෙන් බැස පලා යමින් සිටි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Read More

අමෙරිකාවේ වොෂිංටන් හි සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ප්‍රසංගය පැවැති උද්‍යානයට ඇතුළු පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. වෙඩිතැබීම සිදුකළ සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරුමූණා’ නැමැත්තාව අද (19) යළිත් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය 14 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ඔහුව රඳවාගෙන මාස තුනක කාලයක් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුවය. ‘බූරුමූණා’ හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන 13කට අවශ්‍යව සිටි අයෙකි.

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා සිටියි. අනතුරුව එම නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට නියම කෙරුණි.

Read More

කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇතිබව පොලීසිය පවසයි. එම නිවස තුළින් අධික දුගඳක් හමන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සොයාබැලීමකදී එම සිරුර හමුවී තිබුණි. ඇය දින කිහිපයකට පෙර මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ. 42 හැවිරිදි එම කාන්තාව නිවසේ තනිව ජීවත් වී ඇති බව පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ. කැලණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

බස්නාහිර පළාතේ පවතින ඉල්ලුමට සරිලන පරිදි සැපයිය හැකි ප්‍රමාණයෙන් ආනයනික බිත්තර තොග පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ බස්නාහිර පළාතේ ඇති සුළු පරිමාණ වෙළඳසැල්වලට පවා ඔවුන්ගේ අවශ්‍යාතව පරිදි බිත්තර බෙදාදීමට හැකි පරිදි බිත්තර තොග පවතින බවයි. බේකරි හිමියන්ට ද අවශ්‍ය පරිදි බිත්තර තොග ලබාදීමට හැකියාව පවතින නමුත් ඔවුන් බිත්තර තොග ඇනවුම් නොකරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස පුද්ගල මරණ වාර්තා වීමට යම් එක් රෝගී තත්ත්වයක් හේතු වී තිබේ ද යන්න පිළිබඳ විමර්ශනයට ලක්නව් සිට උත්තර් ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ ඇති බව ද වාර්තා වේ. කෙසේ වුව ද මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව සඳහන්ය.

Read More

බිරිඳ විසින් සිය සැමියාට ගිනිතැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් වාර්තා වුණි. පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (18) අලුයම 3ට පමණ බිරිඳ විසින් එලෙස සැමියාට ගිනි තබා ඇතැයි මොරටුමුල්ල පොලීසිය සඳහන් කළේය. මොරටුමුල්ල පොලීසිය සිදුකරනු ලැබූ විමර්ශනවලින් පසු දැනගන්නට ලැබී ඇත්තේ, එම නිවසේ කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ දීර්ඝ කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම සබඳතාවය හේතුවෙන් අඹුසැමි යුවළ අතර විටින් විට ආරවුල් ඇති වූ බවය. ස්වාමිපුරුෂයා නිදා සිටි අවස්ථාවේදී බිරිඳ විසින් සිරුරට ගිනි තබා ඇති අතර ගින්නෙන් එම පුද්ගලයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ. පසුව ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ‍ දකුණ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේවෙතත් පොලීසිය අදාළ…

Read More