Author: LFN

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය (18) සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වෙයි. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ හිදි පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදී. තරග 34කින් සමන්විත තරගාවලියේ තරග හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් අද කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. සුදුසුකම් ලබාගැනීමේ වටයේ A කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදී. බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර්…

Read More

බටහිර උගන්ඩාවේ පාසලකට ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් 8දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි එම පාසලට රාත්‍රී කාලයේ කඩා වැදුණු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදුකර තිබුණි. එම පාසලේ සිසුන් 60දෙනෙකු පමණ නේවාසිකව රැඳීසිටි ඇති අතර පාසල් සිසුවියන් ඇතුළු පිරිසක් කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව සඳහන්ය. ප්‍රහාරයෙන් අනතුරුව කැරලිකරුවන් විසින් පාසල් ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

Read More

මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනිඅවියකින් වෙඩිතැබීමට උත්සාහ කර තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය. පසුව පොලීසියේ සිටි සෙසු නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබුණි. අනතුරුව අදාළ සැරයන්වරයා පොලිස් ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් සිදුකරන බව පොලීසිය සඳහන් කරයි. අදාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ද පොලීසිය පියවරගෙන තිබේ.

Read More

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස්ගතවීමට උත්සාහ කළ එම සැකකරු කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා සැකකරු විසින් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 678ක මුදලක් ලබාගෙන තිබු බව සඳහන්ය. කෙසේවෙතත් අදාළ නිවස ලබානොදී සාපරධී විශ්වාසය කඩ කළ බවට සැකකාර ඉන්දීය ජාතිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබු බව පොලීසිය පැවසීය. ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින්…

Read More

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබු උසස් නිලධාරියෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන එල්ලවී තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්වී විශ්‍රාම වැටුපට අමතරව ඔහු පෙර නිලයේ සම්පුර්ණ වැටුප සහ රථවාහන ඇතුලු අනෙකුත් සියලු පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙනි. මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක් පැමිණෙන අතර එලෙස පැමිණෙන සෑම අවස්ථාවකදී ම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබාගන්නා බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. කෙසේවෙතත් ඔහුගේ එම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද දැඩි විවේචනයට ලක්වී ඇත. එමෙන්ම රජයේ ඉහළ ප්‍රධානියෙකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්වී ඇතත් මැතිඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළ කර ඇති බවත් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

Read More

ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පවසයි. ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයට පමණක් අදාළ වන විශේෂ හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වා දීම ඊයේ (17) සිදුකෙරුණි. එම අවස්ථාවට එක්වෙමින් ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා, “එම දුරකථන අංකය හරහා පැය 24ක් තුළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙලාවේ විසඳුම් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙනවා. ඇතැම් ගැටලුවලට දින 3ක…

Read More

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද (18) දිනයේ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…

Read More

ගතවූ දින කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය වෙයි. තොග වෙළෙඳුන් පවසන්නේ භාණ්ඩ ආනයනකරුවන් මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය. අල, ලුණු සහ පරිප්පු ආදී ද්‍රව්‍යවල තොග මිල ගණන් මෙලෙස ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳ සොයා බැලීමට අප පිටකොටුව හතරවන හරස් වීදිය තොග වෙළෙඳපොලවල් වෙත ගියේය. එහිදී වෙළෙඳුන් පවසා සිටියේ, පරිප්පු රුපියල් 30කින් වැඩි වන බවය. මේ අතර ජනතාව පවසන්නේ, ඩොලරය වැඩිවීම හේතුවෙන් ලොකු ලූනු මිලද වැඩි කර ඇති බවය. එමෙන්ම ඩොලරයේ මිල අඩුවන අවස්ථාවන්වලදී භාණ්ඩවල මිල…

Read More

සීනිගම දේවාලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් එක්සත් ජාතික පක්ෂ රත්ගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More

මැදිරිගිරිය – මිරිස්හේන ධීවර ගම්මානයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට ඊයේ භාර වීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි මිරිස්හේන ගම්මානයේම පදිංචිකරුවෙක්. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා භාවිත කළ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මෙම ඝාතනය සිදුව තිබුණේ පෙරේදා රාත්‍රියේයි.

Read More