Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බවය. මුත්‍රා පරික්ෂණ, සෙම පිළිබඳව ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතිජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ ඇතුළු පරික්ෂණ රැසක් මේ වන විට නතර වී ඇති බව රවි කුමුදේෂ් මහතා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් විමසීමක් කළේය. අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.
ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් අද (19) සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් එය මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. ‘වාගීර්’ නම් මෙම සබ්මැරීනය හෙට සිට ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්ය. එහිදි ඉන්දීය සබ්මැරීන යාත්‍රාවේ අණදෙන නිලධාරීවරයා සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිවරයා අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. මෙම ඉන්දීය සබ්මැරීනය පාසල් සිසුන් සහ නරඹන්නන් වෙත ප්‍රදර්ශනයට විවෘත කිරීම සඳහා ද මේ වන විට සැලසුම් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙතරම් බලපෑම් එල්ල වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වැඩකටයුතු කළ යුතුව ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වමිනි. “උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් මංකොල්ලකෑම්වලට ප්‍රධාන හේතුව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා…අමාත්‍යවරයා යටතේ නීතිවිරෝධී ඉඩම් කොල්ලකෑම් සිදුවෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම විදුර වික්‍රමනායක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන්න කියලා. ” යනුවෙන් සුමන්තිරන් මහතා පවසා තිබුණි.” එයට පිළිතුරු විදුර වික්‍රමනායක මහතා, “බෞද්ධ ධර්මයට වේවා, සාසනයට වේවා යම් අභියෝගයක් එල්ල වෙන බව පේනවා. මේ අභියෝගය අද ඊයේ…
දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට ද අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවය. කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ නොයෑම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම ගැටලුසහගත බවය. මේ අතර, ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ තිරිඟු…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත්ය. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් පැන නගින බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් විදුහල්පතිනියක් මියගොස් ඇති බවය. මෙම නිර්වින්දන ඖෂධය ලබාදීම හේතුවෙන් පසු ගිය 16 වනදා මෙම විදුහල්පතිනිය මියගිය බවත් එලෙස මියගිය දෙවන රෝගියා ඇය බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම ඔහු පැවසුවේ එම මරණයට හේතුවී ඇත්තේ ඖෂධ සංකූලතාවයක් බව පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර…
මාතර නෙටොල්පිටිය රන්මාළු ගම ගම්මානයේ අඩක් සාදා අවසන්කල නිවසක සිමෙන්ති කණුවක් ගැලවී වැටීමෙන් වයස අවුරුදු නමයක දැරියක් මියගොස් තිබේ. අඩක් සාදා අවසන්කල නිවසේ උඩුමහලේ සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සකසමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරට හේතුවුන සිමෙන්ති කණුව උඩ තට්ටුවේ කොන්ක්‍රීට් තට්ටුවට නිසි අයුරින් කම්බි නොයෙදා ඇණ හතරකින් පමණක් සවිකර තිබී ඇති අතර මේ නිසා කණුව ගැලවී ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බව වාර්තා විය.
තිරිඟු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘නිශ්චිත භාණ්ඩ’ යටතට ගෙන ඒමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නලින් ප්‍රනාන්දු විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා. වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව සඳහන්. මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ අනුව යම් හෙයකින් වෙළෙඳෙපොලේ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මන්නාරම, මුරුන්කන් – අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එකම පවුලේ හතරදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (17) දිනයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙම පවුලේ තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයාගේ සහෝදරයෙකුයි මෙම පිරිස පහරදී ඝාතනය කර තිබුණේ. කෙසේ වෙතත් ඝාතනයට අදාළව එකම පවුලේ පියා, පුතු සහ, මාමා මෙන්ම බෑණාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් ඔහු රුපියල් ලක්ෂ 2 ½ ක්, රුපියල් 100,000 ක් සහ 50,000ක් ඔහු විසින් වංචා කොට ඇති බවට ගලගෙදර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු කරන ලද පැමිණිලි වලට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රැකියා සඳහා පිටත්ව යාමට ඔහු ව්‍යාජ…