Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදු ගැන අලුත්ම ආරංචියක්
    Featured

    බදු ගැන අලුත්ම ආරංචියක්

    By LFNJuly 14, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට ආර්ථිකයේ නවතම තත්ත්වය හා බදු ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    ජනවාරි සිට මැයි දක්වා මාස 5 බැලුවොත් 2022 වසරට සාපේක්ෂව සියයට 38.1ක වර්ධනයක් තියෙනවා. බදු ආදායම සියයට 44.9කින් වර්ධනය වෙලා තියෙනවා. ආදායම් බදු සියයට 53.6කින් වර්ධනය වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා මත බදු සියයට 65.6කින් වර්ධනය වෙලා තියෙනවා. විදේශ වෙළෙඳාම මත බදු සියයට 12.2කින් අඩුවෙලා තියෙනවා. ඒක රේගුවේ වරදක් නෙවෙයි අපි භාණ්ඩ දහස් ගණනක් ආනයනය නවත්වාගෙන තමයි මේ රට මේ තැනට ගෙනාවේ. අපේ මුළු වියදමත් සියයට 47.8කින් වැඩිවෙලා තියෙනවා. ඒ ප්‍රධානම වැඩිවීම වෙලා තියෙන්නේ මේ වර්තන වියදම අපේ සමෘද්ධි සහ සහනාධාර දීමනා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ කිසිවිටෙකත් අලුත් බරක් මේ රටේ නිත්‍යානුකූල බදු ගෙවන්නන් වෙත පවරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් පළවෙනි අවස්ථාවේම ඔවුන්ගේ බදු බර ටික ටික අඩුකරන තැනකට ඔවුන් සමග සාකච්ඡා කරන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.