Author: LFN

රුසියාව බෙලරුසයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර තිබේ. රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත. යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රෙමිලිනය න්‍යෂ්ටික අවි (Kremlin plans) භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ද එක්සත් ජනපද රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියානු න්‍යෂ්ටික අවි උපායමාර්ගික ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය. තම රට සතුව න්‍යෂ්ටික අවි පවතින බව පසුගියදා බෙලරූස් නායකයා ද ප්‍රකාශ කර තිබුණි.

Read More

රජයේ ඖෂධවේදීන් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අද (17) පෙරවරු 08ට අවසන් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බවය. ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි. මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වූ අතර තමන් දැඩි අසීරුතාවට පත්වූ බවට රෝගීන් චෝදනා කළේය.

Read More

‍උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු පැවසුවේ, උසස් පෙළ පන්තිවල අයකරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදුකිරීමට අපේක්ෂා කරන බවය. මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ළමුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බව ද ආචාර්ය සුරේන් රාඝවන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙනඑන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ‍ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව ඔහු පෙන්වා දෙයි. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙරට ආයෝජන සිදුකිරීමේදී බලපත්‍ර ලබාගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම…

Read More

පරිත්‍යාගයක් ලෙස තායිලන්තයෙන් මෙරටට ලැබුණු “සක් සුරින්” හෙවත් මුතු රාජා හස්තියා ලබන ජුලි මස පළමුවනදා යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවය. 2001 වසරේදී මෙම සක් සුරීන් නමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි. එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණි. අලුත්ගම කන්දෙ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල…

Read More

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ. බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්වෙයි.. ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය. ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු…

Read More

පැලවත්ත නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (16) පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වන ගොකරදූව, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතිබවයි වාර්තා වන්නේ. මරණකරු පාදයේ ඇති තුවාලයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඉහත පුද්ගලික වෛද්‍ය ආයතනයට ගොස් සිටියදී, වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. අතර මරණකරු නිවසේ නොමැති අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයෙකු මරණකරුට මරණ තර්ජනය කර ඇති බවට පියා විසින් ප්‍රකාශයක්ද ලබාදී තිබෙනවා.

Read More

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-driveආදර්ශවිද්‍යුත්ත්‍රිරෝදරථසේවයමහජනතාවවෙතහදුන්වාදුන්නේය. විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක් ලෙස අප විසින් පිට කරන කාබන් ප්‍රමාණය අඩු කිරීමට එය රුකුලත් වන අතරම ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවන විදේශ විනිමය රැක දීමටද සමත් වේ. මෙම වාහනවලට නඩත්තු සහ එදිනෙදා අලුත්වැඩියාවන් සදහා යන වියදම අවම බැවින් එය රථයේ ගමන් කරන මගියාට සෘජුවම ලබා දෙමින් අවම ප්‍රවාහන ගාස්තුවක් මගියාගෙන් අය කරනු ලැබේ. සමාගම විසින් නියමු ව්‍යාපෘතියක්…

Read More

මධ්‍යම කැනඩාවේ Manitoba පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවය. ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 25 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම වයස්ගත පුද්ගලයින් පිරිසක් බව විදෙස් වාර්තා සදහන් කළේය. අධික වේගයෙන් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට සිදුකළ මුලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

Read More

වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල පදිංචි (75) හැවිරිදි තිදරු පියෙකු බව පොලීසිය සඳහන් කරයි. පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා සිය නිවසේ සිට මිරිස්ස ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගය හරහා එකවරම ඌරෙකු ගමන් කල බවත් එම ඌරාගේ ඇගෙහි වැදුනු යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ ඇදවුටුනු බවත් යතුරු පැදිය පැදවු ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ…

Read More