Author: LFN

පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නවතම වාර්තාවලට අනුව පාකිස්තානයේ විරැකියා අනුපාතය සියයට 6.5කි. පාකිස්තානය මුහුණපා සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට ව්‍යාපාර වැසෙමින් පවතින අතර ආයෝජන රට තුළට ගලා ඒම ද සීමාවී ඇති බවද විදෙස් වාර්තා හෙළිකරයි. එමෙන්ම පාකිස්තානය තුළ සිටින විදෙස් ආයෝජකයින් සිය ආයෝජන ඉවත් කරගැනීම හමුවේ පවතින රැකියා අවස්ථා ද අහිමිවී යන අතර නව රැකියා අවස්ථා බිහිවීම අවමවී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත. අඩු විදේශ විනිමය ගලාඒම හේතුවෙන් උද්ධමනය ඉහළයෑම සහ විදේශ ණය ආපසු ගෙවීම ඇතුළු අවිනිශ්චිත බාහිර හා දේශීය අභියෝග රැසක් පවතින බවද එරට මුදල් අමාත්‍යාංශය ද පවසයි.

Read More

විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් යොදාගෙන සිදුකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ. “ජයභූමි පදනම” නමින් මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇත. මෙලෙස විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පවසයි. එම නිලධාරීන් පැවසුවේ අමෙරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති බවය. මොහාන් ද සිල්වා නම් පුද්ගලයෙකු විසින් වසර 3ට අධික කාලයක් පුරා මෙම ජාවාරම, රාජගිරිය, “ජනජය සිටි” නම් ගොඩනැගිල්ලේ 6 වන මහලේ පවත්වාගෙන ගොස් ඇති බව කාර්යාංශය පවසයි.…

Read More

වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිතය. ඒ, දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වී සිටීම හේතුවෙනි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් නොවූ අතර ඔහුව සුපිරි හයදෙනාගේ වටයේදී නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිට තිබුණි. චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරග සඳහාත් සහභාගී විය නොහැකි බව වාර්තා වෙයි. ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිම්බාබ්වේ දේශයට ගොස් සිටින වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට මෙලෙස ආදේශ කිරීමට නියමිතය.

Read More

අපේක්ෂා කරන තත්ත්වය රට තුළ පවත්වාගෙන ගියහොත් මාස කිහිපයක් තුළ පොලී අනුපාත අඩුවෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර ඊයේ (29) පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මම හිතන්නේ හොඳම දෙය තමයි, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔබට සහ ශ්‍රම බලකායට වැදගත් වන ආකාරය ඔවුන්ට පැහැදිලි කිරීම. මට හිතෙන්නේ එය ඔබට කළ හැකි දෙයක්. මෙම තත්ත්වය තව දින කිහිපයක් පවත්වාගැනීමට ඔබට හැකිවුවොත් එය හොඳම ප්‍රතිඵලයක් ඇති කරගැනීම සඳහා ඉතාමත් උපකාරි වේවි. මේ සමගම අපේ පොලී අනුපාත ද අඩුවේවි. එය මාස කිහිපයක් ඇතුළත සිදුවේවි. දෙවනුව සංවර්ධන සහාය ආරම්භ වේවි.…

Read More

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් නුවරඑලිය ප්‍රදේශයේදී ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු 39 හැවිරිදි වියේ පසුවන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සමඟ සිට අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා රත්නපුර යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවයේ නිරත වන කපිතාන්වරයෙකි. නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි රජයේ සංචාරක නිවාඩු නිකේතනයක සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔවුන් භාරයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ ඒවාට යොදාගන්නා පතොරම් ගැබ් සහ උණ්ඩ 167ක තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් භාරයට ගන්නා අවස්ථාව වනවිටත් ටී 56 වර්ගයේ…

Read More

ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ. 2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළේය. මේ අතර රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවේ. වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය…

Read More

පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි. තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ රූපවාහිනී සාකච්ඡාවක් සිදුකර තිබේ. ඒ සඳහා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගී විය.

Read More

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ මාකුඹුර ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඉන් බරපතළ තුවාල ලබා ඊයේ හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය පොලිස් පරීක්ෂකවරයා 47 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත. මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි. යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, ආචාර්ය චමිල ලියනගේ, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික නායකයින් පිරිසක් ද හමුව ඇති අතර, එහිදී ආගමික සහජීවනය හා යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

Read More