Author: LFN

ලෝක කුසලාන තරග කාලසටහන ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ මෙවර ලෝක කුසලානය ඉන්දියාව හෝ එංගලන්තය දිනා ගනු ඇති බවය. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මුම්බායි නුවරදී ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් ද එක්වී සිටියේය. කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිතය. මූලික වටයේදී සියලු කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ලෝක කුසලාන…

Read More

කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරිටා බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි කොළඹට පැමිණ තිබේ.

Read More

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර නමැත්තා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි. සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ඔහුට එම කැඳවීම සිදුකර ඇත. ප්‍රකාශයක් දීමට පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෘෘනෝ දිවාකර පවසා සිටියේ, “කාටහරි ලොකු උවමනාවක් තියෙනවා අපේ කටවල් වහන්න…ඒ අයගේ උත්සාහය මේක නම් අපිත් උත්සාහ කරනවා මේ සියලු බාධක අස්සේ අපේ වැඩ ටික කරගෙන යන්න…” යනුවෙනි.

Read More

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබාදුන්නේය. එම පෙත්සම ඊ (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා…

Read More

ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්‍රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන් දෙදෙනකු මතට නිවස බිත්තියක් කඩාවැටී තුවාල ලැබූ එම සිසුවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ කුඩා හල්මිල්ලවැව, ඇලයාපත්තුව, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9 සහ 12ක් වන දැරියන් දෙදෙනෙකි. මෙම දැරියන් දෙදෙනා පාඩම් කටයුතුවල නිරතවී රාත්‍රී නින්දට ගිය අවස්ථාවේදී වල් අලි රංචුව සිටි එක් අලියකු නිවසට පහර දෙන ශබ්දය ඇසුණු බවත්, ඒත් සමගම නිවසේ බිත්තියක් දරුවන්ගේ ඇඟ මතට කඩා වැටී දරුවන් කෑ ගැසූ බව පියා පවසයි . පියාගේ කෑ ගැසීමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගිය වල්…

Read More

කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථ රියැදුරා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 38 ක් වන උදයනගර්, කිලිපනාච්චිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. තුවාලකරු සහ තවත් දෙදෙනකු මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඇති වු ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලියනාච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී…

Read More

ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟයද ලකුණු 82කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළා. පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 75ක්. පන්දු 85කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වුණා. පන්දු 65කට මුහුණ දුන් චරිත් අසලංක ලකුණු 63ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක්ද සමඟින්. කෙසේ වෙතත් සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 27 සීමාව ඉක්මවා යාමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ජයග්‍රාහී ලකුණු 246ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි…

Read More

2014-2015 කාලයේදී ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. ඒ බව අනාවරණය වූයේ පසුගියදා ලංකා සතොස ආයතනයේ 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු පිළිබදව විමර්ශනය කිරීමට කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදීය. ලංකා සතොස සහල් ගෙන්වූ එම සහල් තොග කල්ඉකුත්වීම නිසා සත්ත්ව ආහාරවලට විකිණීම සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් පිළියෙල කර ඇති බවත් මේ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කමිටුවේදී තීරණය වුණි. ලංකා සතොස ආයතනයේ 2022 වසරේ පාඩුව මිලියන 600කට ආසන්න බවත් මෙහිදී හෙළිවිය. එසේම…

Read More