Author: LFN

දිනයේදී ග්‍රහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනා බව නාසා ආයතනය පවසයි. එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ එම ග්‍රහකයේ විශ්කම්භය මීටර් 160 ක් පමණ වන බවය. මේ අතර එය පෘථිවියට සැතපුම් මිලියනයක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි. එය පැයට සැතපුම් 26,000ක වේගයකින් ගමන්ගැනීමට නියමිතය. පෘථිවියට ඉතාමත් සමීපයෙන් ගමන් කළත්, විද්‍යාඥයින් පුරෝකතනය කරන්නේ ඉන් කිසිදු හානියක් සිදුනොවනු ඇති බවය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දුන් කර්නල්ට පොලිස් ඇප විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දීමට තැත් කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු පොලිස් ඇප මත මුදාහැරීමට දිවුලපිටිය පොලිසිය පියවර ගෙන තිබෙනවා. දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ලූතිනන් ක‍ර්නල්වරයාගේ නිවෙසේ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ලුතිනන් කර්නල්වරයා මෙලෙස පහරදීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ. දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Read More

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා මුදල් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එහි දැක්වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොළ භාරකාර අරමුදලින් එලෙස මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බවය. එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස 02 සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මෙම සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙනු ඇත.

Read More

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත ලෝක උරුම ලැයිස්තුවේ අංග සංඛ්‍යාව 494 දක්වා ඉහළ ගොස් තිබේ. මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ක්‍රිස්තු පූර්ව 06වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවය. ලොව දිගම නොබිදුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි. මහාවංශය බුදුන්වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ…

Read More

එළඹෙන ජූලි මස පළමු සතියේදි ගෑස් මිල නැවත වරක් අඩු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් මිල සූත්‍රය අනුව එම මිල අඩු කිරීම සිදුකරන බවයි. ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඛණ්ඩව අඩු කරන සිව් වන අවස්ථාව එය වන බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

Read More

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම්දීම සිදුකළා. මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා. එහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසයි. ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා…

Read More

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය ඊයේ පෙරවරුවේ කොළඹදී ආරම්භ වුණා. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ පැවසුවේ එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි. මීළඟ සාකච්ඡා වටය ලබන අගෝස්තු මස 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 වසරේ මාර්තු මාසයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවත් ඔහු එහිදී සදහන් කළා. එමෙන්ම 2024 වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත අවසන් සාකච්ඡාවට පෙර තවත් සාකච්ඡා වට තුනක් සැලසුම්…

Read More

23 වසරක් පුරා රුසියාව ලොව මහ බලවතෙකු ලෙස යළි ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළම අභියෝගයට පැය 24ක් තුළ අවසන් කිරීමට, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකචෙන්කෝ සහායවූ පුවත සතිඅන්තයේ අසන්නට ලැබුණි. ජනපති පුටින්ගේ සමීපතම අනුගාමිකයෙකු මෙන්ම ඔහුගෙ ආභාෂයෙන් රුසියාවේ බලගතුම පුද්ගලයෙකු වූ වැග්නර් ප්‍රධානී යෙව්ගේනි ප්‍රිගෝසින්, රුසියානු හමුදා නායකත්වයට එරෙහිව නැගී සිටීම පසුගිය සිකුරාදා ආරම්භ වූයේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයද අභියෝගයට ලක්කරමිනි. යුක්‍රේන යුද පෙරමුණෙන් ඉවත්වී දකුණු දේශ සීමාවේ පිහිටි රොස්තොෆ් නගරයේ බලය අත්පත් කරගත් ප්‍රිගෝසින්ගේ වැග්නර් සන්නද්ධ බළකාය මොස්කව් වෙත වේගවත් ගමනක් ඇරඹීය. මොස්කව් නුවරට කිලෝමීටර් 200ක් පමණ තිබියදී ඔහු ආපසු හරවා යැවීම සඳහා බෙලරුස් ජනාධිපති…

Read More