Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»4MMC මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    4MMC මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNJuly 6, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    sinhala.adaderana.lk Logo
    ENGLISH
    தமிழ்

    4MMC මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට
    4MMC මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට
    July 5, 2023 08:05 pm

    මෙරටදී පළමුවරට හමුවී ඇති 4MMC නමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 115කි.

    පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයා, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

    මෙරටදී පළමුවරට හඳුනාගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මාලදිවයින සහ ඩුබායි සිට මෙහෙයවන බවට සැක කෙරේ.

    මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි.

    සිදුකළ වැටලීමට අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට බෙදාහැරීමේ නියෝජිතයා ලෙස කටයුතු කරන මොරටුව සමන්පුර කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගත්තේය.

    සැකකරු සන්තකයේ තිබී හඳුනානොගත් විශේෂිත වූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115ක් පොලිස් භාරයට ගැනුණි.

    පසුව ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කාලයක් තිස්සේ සිදුකළ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල අනාවරණය වූ බව පොලීසිය කියයි.

    සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාලයේ මහමොළකරු වන මෙරටට බෝට්ටු සහ එන්ජින් ආනයනය කිරීමේ කටයුතුවල යෙදෙන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු තවදුරටත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

    මෙම ජාවාරමේ මෙරට බෙදාහැරීමේ කටයුතුවලට සහාය ලබාදුන් දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචි පුද්ගලයෙකුව ද කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම විශේෂිත වූ මත්ද්‍රව්‍ය සෙල්ලම් බඩු අතර සඟවා ඩුබායි සිට ගුවන් තැපැල් සහ කූරියර් සේවාව ඔස්සේ මෙරටට ආනයනය කර ඇති බවද හෙළිවී තිබේ.

    පසුව එම භාණ්ඩ මොරටුව සමන්පුරදී අත්අඩංගුවට ගත් සැකකරුට භාරදීමෙන් අනතුරුව ඔහු ඒවා නැවත කොටස් කර සෙල්ලම් බඩුවල ඇසුරුම් කර මාලදිවයිනට ප්‍රති අපනයනය කිරීමට දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ මහමොළකරු වෙත භාරදී තිබූ බවද මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ඊට අමතරව මෙම හඳුනානොගත් මත්ද්‍රව්‍ය විශේෂය රාත්‍රී සමාජ ශාලාවලට ඇබ්බැහිවී සිටින ධන කුවේරයින් අතර ද ප්‍රචලිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වෙමින් පවතින බව වැටලීම කළ පොලිස් නිලධාරියෙකු පැවසීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල සහ මොරටුව පොලීසි වෙත භාරදී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.