Author: LFN

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය. මේ අතර ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මෝදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස…

Read More

සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ විසි තුන් හැවිරිදි තරුණයකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සිය 47 හැවිරිදි පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස ගිනි ගිනිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

Read More

කොකේන් මත්ද්‍රවයේ ඉල්ලු‍ම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එමෙන්ම මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඇෆ්ගනිස්ථානයෙන් ඔබ්බට යමින් වෙනත් රටවලද සිදුවන බවටයි එම සංවිධානය ප්‍රකාශ කළේ. 2021 වසරේ කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ වාර්තාගත වැඩිවීමක් සටහන් වී ඇති අතර, ගෝලීය කොකේන් භාවිතා කරන්නන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එහි වාර්ෂික ලෝක ඖෂධ වාර්තාවෙන් පෙන්වා දෙනවා. ලොව පුරා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වලින් සියයට 90 ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නැගෙනහිර හා අග්නිදිග ආසියාව සහ උතුරු ඇමරිකාවෙන් බව සඳහන්.

Read More

ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවය. ඒ අනුව රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව මේ මස 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

තාක්ශනයයේ දියුණුවත් එක්ක හරි අපූරු දේවල් නිර්මාණය කරන්න පුලුවන්. සමහර වෙලාවට වියැකී ගිය අතීතය කෙලෙසද කියන එක ගැන මවා පෙන්වන්න පවා තාක්ශනයට හැකියාව තියෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ විවිධ වෙලඳ දැන්වීම්වල පවා ඒ තාක්ශනය ප්‍රයෝජනය ගත් ආකාරය දකින්නට ඇති.. කයිරෝවේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ජාතික කෞතුකාගාරයේ ඇති මමියක් මත පදනම්ව, අක්නාටන්ගේ මව සහ ටූටන්කාමන්ගේ ආච්චි වන ටියේ රැජිනගේ (ක්‍රි.පූ. 1338) මුහුණ නැවත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

Read More

අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ පවුල්වලට සිය දුක්ගැනවිලි ලබන මස 10 දක්වා බාරදීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අභියාචනා සමෘධි සංවර්ධන නිලධාරින්ට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාරදීමට හැකි බවද ඔහු සඳහන් කළේය. එම සහනාධාර පෙර දුන් ප්‍රමාණයටත් වඩා ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සැබෑ අඩු ආදායම්ලාභී පවුල් මෙම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් නිලධාරීන් සියලු දෙනා එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවිය යුතු බවත් අඩු ආදායම්ලාභීන් හා විවිධ රෝගවලට ගොදුරු වී ඇති ජනතාව කිසිවකුට මෙම සහනාධාර අහිමි කිරීමට ඉඩ…

Read More

රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් සහිතව නිකුත් කළ ලේඛනය දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනිඅවි සඳහා වලංගු නොවන බව පොලීසිය පවසනවා. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ එම මුදල් ත්‍යාග ලබාදීමේ තීරණය වලංගු වන්නේ විදේශීය රටවල නිෂ්පාදනය කළ ගිනි අවි සඳහා පමණක් බවයි.

Read More

සිය අමෙරිකානු සංචාරය නිමා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ඊජිප්තුවට පැමිණ සිටිනවා. ඒ, රාජ්‍ය සංචාරයක් සඳහායි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ධූර කාලය අතරතුර ඊජිප්තුවට පැමිණි පළමු අවස්ථාවද මෙය වනවා. මෙම රාජ්‍ය සංචාරය සිදු කරන්නේද ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී ගේ ආරාධනයකට අනුවයි. ඒ අනුව, ඊජිප්තුවට පැමිණී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්ද පැවැත්වුණා. එහිදී ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කර ගැනීම සහ ගෝලීය හා කලාපීය අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ද්වාපාර්ශ්වික සාකච්ඡාවලට සමගාමිව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

Read More

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඉන් පළාගිය පුවතක් ඊයේ (25) වාර්තාවුණි. බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙස් ගෙන පළාගොස් තිබූ ඔහු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබුණි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් ආගමික වැඩසටහනක් බන්ධනාගාරය තුළ ඊයේ සංවිධාන කර ඇත. ඒ පෙරවරු 9.30ට පමණ බව සඳහන් වේ. මරණීය දණ්ඩනය නියමවූ රැඳවියෙකු ද ඒ සඳහා එක්ව සිට ඇති අතර ස්වල්ප වේලාවකට පසු ඔහු ඉතා සුක්ෂ්මව එම ස්ථානයෙන් ඉවතට ගොස් ඇති බව අනාවරණය වී ඇත. එම රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ම පිටතට පැමිණ ඇති බව වාර්තා වේ. එලෙස පිටතට ආ ඔහු ත්‍රිරෝද රථයක නැගී එම…

Read More

කැලණියේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පස්වරු 4.15ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණි. දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල මාර්ගයක සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා විය. ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර උණ්ඩ 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදුණු පුද්ගලයින් “දිප්පිටිගොඩ ළහිරු” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ කණ්ඩායමේ පිරිසක් බවට මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. වෙඩිතැබීම සිදුකර ඇත්තේ “කඩවත කල්ප” නමැති අපරාද කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් වන අතර, දෙපාර්ශ්වය…

Read More