Author: LFN
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත. A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ද සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕමානය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය සිම්බාබ්වේ හිදී පැවැත් වේ. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇත.
එළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවය.
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව (26) දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් එම කාලය හෙට දිනයෙන් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කළ යුතුව තිබේ. කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය හිමිවිය යුතු වේ. මේ අතර වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දෙවන වරටත් සේවා…
පසුගිය දින කිහිපයේ රුසියාවේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී වැඩි වශයෙන් අවධානය යොමු වුයේ වැග්නර් කුලී සේනාංකය සම්බන්ධයෙනි. වැග්නර් කුලී සේනාංකය යනු රුසියාවේ යුද මෙහෙයුම් සඳහා සහාය දෙන සෙබළුන් 25,000කින් පමණ සමන්විත කණ්ඩායමකි. ඔවුන් යුක්‍රේනයට එරෙහි යුද මෙහෙයුමේදී රුසියානු රජයට සහාය දෙමින් මෙහෙයුම්වල නිරත විය. පෞද්ගලික හමුදා සමාගමක් ලෙස හැඳින්වෙන රුසියානු හිතවාදී වැග්නර් කුලී හේවා කණ්ඩායම පිළිබඳ පළමුවරට වාර්තා වන්නේ 2014 දීය. එවක රහසිගතව පවත්වාගෙන ගිය වැග්නර් කණ්ඩායම අප්‍රිකානු සහ මැද පෙරදිග කලාප රැසක මෙහෙයුම් සිදුකර තිබේ. ඒ අතරට සිරියාව, ලිබියාව සහ මාලි ඇතුළු අප්‍රිකානු රටවල් 6 ක් අයත් වේ. මාලි රාජ්‍යයේදී පුද්ගලයින් 500 දෙනෙක් ඝාතනය කළ බවට ද…
අද (26) සවස 5.30 වන තෙක් බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අද උදෑසන නිකුත් කර ඇති කාලගුණ නිවේදනය අනුව වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම,…
කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද (25) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ. අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය. වෙඩිතැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට සුළු තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ.
අස්වැසුම ප්‍රතිලභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩනොතබන බව රජය අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ආර්ථික සවියක් අවැසි පුද්ගලයින්ට සහායවීමට ආරම්භ කළ අස්වැසුම වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබාදෙමින් දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශවයන් දරණ උත්සායන් ගැන රජයේ අවධානය යොමුව ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. එනිසා දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් භාහිර බලපෑම්වලට නතු නොවී අභියාචනා කාලසීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමග සම්බන්ධ වන ලෙසත් කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් අදාළ නිවේදනයෙන් තවදුරටත් දැක්වේ. මේ අතර, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අදාළව අභියාචනා සහ විරෝධතා භාරගන්නා කාලය එළඹෙන ජූලි 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අග්‍රාමාත්‍ය…
බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුට පොලීසිය විසින් පහරදී ඇතැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. අමාත්‍යවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (25) බගවන්තලාව නගරයට ගොස් පොලිස් නිලධාරීන් කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් බැන තර්ජනය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය. බගවන්තලාව නගරයේ පිහිට රාජ්‍ය බැංකු කළමනාකාරවරයෙක් සහ ගනුදෙනුකරුවෙකු අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් බැංකුව සිදුකළ පැමිණිල්ලක් මත අදාළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. කෙසේවෙතත් පොලීසිය අදාළ තරුණයාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ යම් පහරදීමක් සිදුකර ඇතැයි පවසමින් අමාත්‍යවරයා සඳහන්…
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති බව එම ගුවන් සේවයේ ගුවන් නියමුවන් පවසයි. දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව අනාවරණ කළේය. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයන් පිරිසකට එම අවස්ථාව අහිමි වූ අතර පසුව එම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවදානය යොමුවුණි. එවන් පසුබිමක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඔවුන්…
රජයේ ඉඩම් බැහැර කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරි දෙසතිය තුළ හඳුන්වාදීමට නියමිත බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ විවිධ ආයතන මගින් රජයේ ඉඩම් බැහැර කිරීමේදී මතුවන ගැටළු විසඳා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බවයි. එතෙක් රජයේ ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කියා සිටියා. මැනුම් කටයුතු අවසන් කළ සිය ආයතනය සතු ඉඩම් 57,000 ක් සඳහා ඉදිරියේදී ඔප්පු ලබාදීමට නියමිත බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා