Author: LFN
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීයි. එම කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සුරාබදු නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ජුනි මස වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 72යි දශම 985ක් පමණක් බවයි. මේ හේතුවෙන් අපේක්ෂිත ආදායමට සුරාබදු දෙපාර්තමේන්තුව…
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍ය ඒකකය සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ බව ප්‍රකාශ කළා. ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙනවා. ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. වාර්තාවන රෝගීන්ගෙන්…
සීතාවකපුර නගර සභාවේ වැඩ බලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම නිලධාරීන් දෙදෙනා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 4ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදීයි. සීතාවකපුර නගර සභාව තුළදී ඔවුන් විසින් එම අල්ලස් මුදල ලබා ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. අවිස්සාවේල්ල බස් නැවතුම්පළේ නව වෙළඳ සංකීර්ණයේ කඩ කාමරයකට අදාළ බදු ගිවිසුම කඩිනමින් අලුත් කර දීමට අදාළ නිලධාරීන් තමන්ගෙන් එම මුදල ඉල්ලා සිටි බවට පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැමිණිලි කර තිබුණා. ඒ අනුව, අදාළ මුදල නිලධාරීන් දෙදෙනා ලබා ගන්නා අවස්ථවේ අත්අඩංගුවට තිබෙනවා. සැකකරුවන්…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දැක්වීමට ආණ්ඩුවේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මේවනවිට යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇත්තේ ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ හේතුවෙන් බවයි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ඊයේ (24) පැවැති A කාණ්ඩයේ තරගයකින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 35කින් පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කන්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් ලබාගත්තේය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sikandar Raza ලකුණු 68ක් රැස්කළ අතර Ryan Burl ලකුණු 50ක් රැස්කළේය. ජයග්‍රාහී ලකුණු 269ක ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 233ක් පමණි. මේ අතර නෙදර්ලන්ත කණ්ඩායම…
දිගින් දිගටම වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි. පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මාසයක කාලයක් සඳහා ත්‍යාග මුදලේ වටිනාකම වැඩිකිරීමට තීරණය කළ බවය. අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන තිබේ. පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින්, නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නීරීක්ෂණය වන බවත්, මෙම තත්ත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව…
අම්බලන්ගොඩ නගරයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට . ඝාතනය ට ලක්වූ පුද්ගලයා නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙක් බව වාර්තා වෙයි.
රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් ලබාදී තිබේ. ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ සිය භටයින් ගේ ඉදිරි ගමන නැවැත්වීමට තීරණය කළ බවය. ඔහුගේ කණ්ඩායම රුසියානු නගරයේ අල්ලාගත් අතර රුසියාවේ ප්‍රධාන නගරය වන මොස්කව් තෙක් ගමන් කරන බව ඔවුන් පැවසීය.
අද (25) හෙට (26) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.50 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පලාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ…
ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙහිදී පළමුව තේ අපනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් වන ගෙවීම් පියවීමටය. එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. බාටර් ට්‍රේඩ් නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉරානයට අපනයනය කරන මෙම තේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට නියමිතය. එමෙන්ම ඉරාන තේ ආනයනකරුවන් ඉරාන ජාතික තෙල් සමාගම සඳහා…