Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපති යාපනයේ සංචාරයක
    Featured

    හිටපු ජනපති යාපනයේ සංචාරයක

    By LFNJune 29, 2023No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

    එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත.

    මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි.

    යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, ආචාර්ය චමිල ලියනගේ, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික නායකයින් පිරිසක් ද හමුව ඇති අතර, එහිදී ආගමික සහජීවනය හා යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බළකායක් පත් කර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම පිළිබඳව මෙහිදී ආගමික නායකයින් සාකච්ඡා කර ඇත.

    මේ අතර හිටපු ජනාධිපතිවරයා යාපනය ශ්‍රී නාග විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

    එහිදී යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලු පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් කටයුතු කර ඇත.

    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් පානිය ජල ගැටලුව පිළිබඳවත්, යාපනය දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය පිළිබඳවත් පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කර තිබේ.

    යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරතව ඇති හිටපු ජනාධපතිවරයා කෝවිලට පැමිණ සිටි දේශිය සහ විදේශිය බැතිමතුන් සමග සුහද පිළිසදරක ද නිරතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202603 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.