Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහල් සායනයකදී ඇසිඩ් ප්‍රහාරයක්
    Featured

    රෝහල් සායනයකදී ඇසිඩ් ප්‍රහාරයක්

    By LFNJune 29, 2023Updated:June 29, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයේ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

    අද (28) දහවල් 2.30ට පමණ එම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

    මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා මාවනැල්ලේ පදිංචි අයකු බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

    තම බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයෙකුට එම ප්‍රහාරයට එල්ලකර ඇතැයි පොලීසිය සැකකරයි.

    වැඩිදුරටත් වාර්තා වන්නේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වීමෙන් රෝහල වෙත පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනකු පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවය.

    ඇසිඩ් ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයාගේ ඇස්වලට හානි සිදුවී ඇති බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකය වෙත මාරු කරයැවීමට කටයුතු කළ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා පැවසීය.

    ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා රෝහලේ කාර්යමණ්ඩලය හා රෝහලේ ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන පේරාදෙණිය පොලීසිය වෙත භාරදී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.