Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදු ගැටලු විසඳීමට විශේෂිත අධිකරණයක් යෝජනා කරයි
    Featured

    බදු ගැටලු විසඳීමට විශේෂිත අධිකරණයක් යෝජනා කරයි

    By LFNJune 29, 2023No Comments5 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදු අය කරගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    එම යෝජනාවලිය බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂිත කරුණු රැසකින් සමන්විත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.‍

    රාජ්‍ය ආදායම වැඩිකිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක් බවත්, එසේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙහිලා බදු අය කරගැනීම විධිමත්ව සිදුකිරීම තීරණාත්මක වන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව මේ වනවිටත් බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දින 14ක් ඇතුළත අදාළ මුදල් ගෙවන ලෙස විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බවද සඳහන් කළේය.

    තවමත් මෙරට පවතින්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක් බවත් එම ක්‍රමය ද ඉතා ඉක්මණින් සංශෝධනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළ කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා,

    “2022 වසර වන විට මෙරට පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම අඩුම රටක් ලෙසයි. එනම් 7.3%ක් වශයෙනි. නමුත් රාජ්‍ය වියදම 19 – 20% ත් අතර තිබුණා. මෙම වෙනස පියවා ගැනීමට එවක පැවති රජය උත්සාහ ගත්තා. එහිදී රට ආර්ථිකමය වශයෙන් විශාල අපහසුතාවකට පත් වුණා. මුදල් මුද්‍රණය කිරීමට පවා සිදු වුණා. රාජ්‍ය ආදායම අඩුවීම පසුගිය වසරවල මුහුණ දුන් ආර්ථික අර්බුදයට ද ‍ප්‍රධාන සාධකයක් බවට පත් වුණා.”

    “රාජ්‍ය ආදායම වැඩි කිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක්. රාජ්‍ය ආදායම වැඩි කරගත හැකි වන්නේ බදු වැඩි කිරීමෙන් පමණයි. සෘජුව හෝ වක්‍රව බදු අය කරගැනීම පහසු කටයුත්තක් නොවෙයි. නමුත් මේ වනවිට අද බදු ක්‍රමවේදය යම් සතුටුදායක මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. මෙහිදී රටේ ආර්ථික අර්බුදය ගැන සිතා බදු ගෙවූ ජනතාවට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා. ජනතාව යම් දුරටකට රජයේ අවශ්‍යතාව තේරුම් ගෙන තිබෙනවා.”

    “ඒ අනුව 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%ක් ලෙස පැවති රාජ්‍ය ආදායම 2023 පළමු කාර්තුවේදී 15.8%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය ඉතා වැදගත් සංධිස්ථානයක්. සාමාන්‍යයෙන් රජයක් සෘජු බදු වැඩි කර ගැනීමටයි උත්සාහ කරන්නේ. වත්මන් බදු ප්‍රමාණය ස්ථාවරව පවත්වාගෙන යෑමට කටයුතු කිරීමයි රජයේ අරමුණ. රජය අලුත් බදු ජනතාවට පැනවීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

    “පුළුවන් සෑම අවස්ථාවකම ජනතාවට සහන ලබාදීමටයි රජය උත්සාහ කරන්නේ. බැංකු පොලිය වැඩි වීම ගැන රජය අවබෝධයෙන් ඉන්නවා. පසුගිය සතියේ රජය බැංකු පොලී අනුපාතය 2.5%කින් අඩු කළා. ඒ හා සමානව බදු අය කර ගැනීමේදීත් ඉදිරියේදී ජනතාවට යම් සහන දෙන්න බලාපොරොත්තු වෙනවා.”

    “මේ වන විට ලක්ෂ තුනක් පමණයි බදු ගෙවන්නේ. රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට නම් ආදායම් ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 10ක් විය යුතුයි. එහෙම වුණොත් රටේ යම්කිසි පිරිසක් මත පනවා තිබෙන බදු ප්‍රමාණය අඩු කරන්න හැකියාව ලැබෙනවා. බදු ලිපිගොනු ඇති කිරීමත් සමඟ වඩාත් හොඳ රාජ්‍ය සම්බන්ධතාවයක් ඇති වෙනවා.”

    “සමාජයේ කැපී පෙනෙන විද්වත් කණ්ඩායම් 14කට බදු ලිපිගොනු විවෘත කිරීමට රජය ආරාධනා කර තිබෙනවා. බදු ගෙවන්නන් රටේ ශක්තිමත් පුරවැසියෙක් ලෙස සැලකෙනවා.”

    “ඒ වගේම රජය නිසි කළමනාකරණයකින් යුතුවයි ජනතාවගේ බදු මුදල් වියදම් කරන්නේ. බදු මුදල් වියදම් කිරීම චක්‍රලේඛ හයකින් ආවරණය කර තිබෙනවා. වත්මන් රජය තරම් කිසිදු රජයක් බදු මුදල් මෙලෙස නිසි ලෙස කළමනාකරණය කර නැහැ. ඒනිසා කිසිදු ප්‍රශ්නයක් ඇති කරගත යුතු නැහැ. රජය මහජනතාවගේ බදු මුදල් සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබෙනවා.”

    “උදාහරණයක් විදිහට “අස්වැසුම සහනාධාර” ක්‍රමය යටතේ රජය උපරිම උත්සාහ කරන්නේ සුදුස්සාටම පමණක් සහනාධාරය ලබාදීමටයි. අස්වැසුම යටතේ තොරතුරු ලබාදීමේදීත් සත්‍ය තොරතුරු ලබා දිය යුතුයි. ඒ වගේම තොරතුරු ලබා ගන්නා කෙනාත් බැඳී සිටිනවා සත්‍ය තොරතුරු ලබා ගැනීමට. මේවාට බොහෝ අය අකමැතියි. රජය විවිධ චෝදනා, අභියෝග මධ්‍යයේ කටයුතු කරන්නේ සහනාධාරය නිසි පුද්ගලයාටම ලබා දීමටයි. දේශපාලන හිතවත්කම් මත සහනාධාර ලබාදීමේ ක්‍රමය මින් ඉදිරියට නතර කළ යුතුයි.”

    “මේ වන විට රටේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා. අපේ රටේ තිබෙන්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක්.”

    “උදාහරණයක් විදිහට යම් කිසි කෙනෙක්ගේ ආදායම අපි තමයි අහන්නේ. එතැනින් තමයි බදු අය කර ගැනීම ආරම්භ කරන්නේ. ඇතැම් විට බදු අය කර ගැනීමට යෑමේදී අධිකරණයට පවා ඇතැමුන් යනවා. එවිට වසර ගණනක අධිකරණ ක්‍රියාවලියක් සිදුවෙනවා. බොහෝ නඩු තවමත් අවසන් වෙලා නැහැ. මෙවැනි ප්‍රායෝගික ගැටලු රැසක් බදු අය කර ගැනීමේ ක්‍රමවේදය තුළ තිබෙනවා. බදු අය කර ගැනීමේ ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවලියක් භාරදීමට කටයුතු කරනවා. එහි බදු සඳහා පමණක් විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා.”

    “මේ වන විට සුරාබදු නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන බදු සියයට විස්සකින් (20%) වැඩි කර තිබෙනවා. ඒ වගේම දින 14ක් ඇතුළත පැහැර හැර තිබෙන බදු මුදල් ගෙවන ලෙසට මත්පැන් නිෂ්පාදන සමාගම්වලට සුවිශේෂී නියෝගයක් ලබා දුන්නා.”

    “මේ වන විට අප රටක් ලෙස ඩොලර් බිලියන 83ක් ණයයි. එයින් ඩොලර් බිලියන 41ක් විදෙස් ණය වශයෙන් සහ ඩොලර් බිලියන 42 ක් දේශීය ණය වශයෙන් ‌ගෙවන්න තිබෙනවා. රටක් විදිහට ස්ථාවර තත්ත්වයකට පත් කර ගන්න සෑම කෙනෙක්ම යම් කැප කිරීමක් කළ යුතුයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී තාක්ෂණික කරුණු ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් දැන් අප උත්සාහ ගත යුත්තේ වැටී තිබූ රට ගොඩනැඟීමටයි.”

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න යන විට කොයිතරම් බිල්ලන් මේ රටේ සැරිසැරුවාද? මේක එහෙම රටක්. නිසි කළමනාකරණයකින් යුක්තව මේ ව්‍යුහය සකස් කිරීමට තමයි දින කිහිපයක් බැංකු වසා තබන්නේ. ගිණුම් හිමියන්ට, බැංකුවල ස්ථායීතාවට, විශ්‍රාමික අරමුදල්වලට කිසිදු ආකාරයක බලපෑමක් සිදු වෙන්නේ නැහැ. දැන් ඇතැම් පිරිස් අස්වැසුම හරහා රට අස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. අපට සිදුව තිබෙන්නේ සාම්ප්‍රදායික විපක්ෂයක් සමඟ කටයුතු කිරීමටයි. ශ්‍රී ලංකාව සාමාන්‍ය රටක්. යළිත් කවුරුන් හෝ කුමන්ත්‍රණ කරනවා නම් අලුත් විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. එයින් වෙන්නේ රට තව තවත් ආපස්සට යෑමයි. දූර්දර්ශී නිසි වැඩපිළිවෙළක් අනුව තමයි රජය වැඩකටයුතු කරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.