Author: LFN

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දන්වා ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන, ඕටමාවඩි හා පොළොන්නරුව, අම්පාර යන නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් හා විරෝධාතවක් ක්‍රියාත්මක කර ඇති බවට වාර්තාවේ. LTTE ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා එම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි. කල්කුඩා පීපල්ස් යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල්…

Read More

රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම රිට් පෙත්සම ගොනුකර තිබේ. මෙම තීන්දුව අද (23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා සිදුකරන බවය. මේ…

Read More

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරය සඳහා යෝජනා වූ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ 11 වන තරගය ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දැන් බුලවායෝ හිදී පැවැත්වෙයි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන ක්‍රීඩකයින් පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලුදෙනා දැවී ගියේය. සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය. ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවාගත්තේය. ඕමානය වෙනුවෙන් යම්තාක් දුරට සාර්ථක පිතිකරණයක නියැලුණේ Ayaan Khan පමණි. පන්දු 60කදී ඔහු ලකුණු 41ක් රැස්කරගැනීමට සමත්විය. Jatinder Singh ලකුණු 21ක් ලබා ගත්තේය.

Read More

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශවී එහි සිටි මගීන් පස්දෙනාම මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක සේවය තහවුරු කළේය. නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ මියගිය පිරිසගේ මෘතදේහ සොයාගැනීම දුෂ්කරවනු ඇති බවය. මගීන් 5දෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ටයිටන් සබ්මැරීනය සමග පෝලාර් ප්‍රින්ස් නෞකාව පසුගිය ඉරිදා ගමන් ආරම්භ කළේ නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වරායෙනි. අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800ක ගැඹුරේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය මේ පිරිසගේ අරමුණ විය. නමුත් සබ්මැරීනය දියත් කර පැයයි මිනිත්තු 45කදී සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇත. එම සිද්ධිය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දී තිබුණේ ඉන් පැය 8කට පසුවය. අනතුරුව සබ්මැරීනය සොයා දින 4ක කාලයක් තිස්සේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක…

Read More

කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) විරෝධතාවයක් පැවැත් වූහ. එහිදි ඔවුන් පැවසුවේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා විසින් මැයි 18 යනු දෙමළ ජන සංහාරයක් සිදු කල දිනයක් බවත්, වසර 14කට පෙර දෙමළ ජනයා දහස් ගණනකට දිවි අහිමි වූ බවත්, මුල්ලිවයික්කාල් ඝාතන එයට නිදසුන් බව පෙන්වා දෙමින් සාවද්‍ය, අසත්‍ය, අන්තවාදී, අයුක්ති සහගත මෙන්ම අභූත චෝදනාවක් එල්ල කරනු ලැබූ අතර, එය සංවිධානයක් වශයෙන් මෙන්ම සමස්ථ ශ්‍රී…

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක නියෝගයක් පසුගිය අප්‍රේල් මස 24 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඉකුත් මැයි මස 29 වනදා ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකාවේ…

Read More

උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ‘ස්ථාවර රටකට සැවොම එකමඟකට’ මැයෙන් රජය මගින් පවත්වන මාධ්‍ය හමුවට ඊයේ (22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “ඒ කියන්නේ ඉදිරි සති කිහිපය තුළ පාලන මිලවල් එන්න පුළුවන්. ගැසට් නිවේදන එන්න පුළුවන්. එක්කෝ තරගයට ලෑස්ති වෙන්න.. නැත්තම් මිල අඩු කරන්න” මේ අතර, පසුගියදා ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් යළි ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණ ද ටයිල් ආනයනයට එමගින් අවසර ලබාදී නැතැයි ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. වෙළෙඳ අමාත්‍ය…

Read More