Author: LFN

නේපාල කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේ ලකුණු 101ක ජයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම ඊ සමත්විය. එම තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදීය. ලකුණු 340ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නේපාල ක්‍රීඩකයින් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 238ක් පමණි. පන්දු යැවීමේදී Jason Holder කඩුලු 3ක් දවාගත් අතර Alzarri Joseph, Keemo Paul සහ Akeal Hosein කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය. නේපාලය වෙනුවෙන් Aarif Sheikh ලකුණු 63ක් රැස්කළේය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 339කි. මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ A ඛාණ්ඩය යටතේ තරග වදින කොදෙව් කණ්ඩායම එහි…

Read More

දකුණු කොරියාවට ශ්‍රමිකයින් පිටත්කර යැවීමේදී ශ්‍රීලන්කන් මගින් සේවාව ලබා ගැනීමට අකමැතිනම්, ඒ සඳහා කොරියානු ගුවන් සේවයට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඉකුත් 20 වනදා දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ” එදා කොරියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණු ගුවන් යානයේ ප්‍රධාන පයිලට් ඇතුළුව තව ෆස්ට් ඔෆිසර් කෙනෙක් හිටියා. එතුමා දවල් 13.40 ට වෛද්‍ය සහතිකයක් එවලා කියලා තියෙනවා මට ෆ්ලයි කරන්න බෑ අද කියලා. ජාත්‍යන්තර නීතිරීති අනුව ප්‍රධාන…

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලන්ඩන් හිදී පැවැති ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ 40 වන සංවත්සර උත්සව අවස්ථාව අතරතුර ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩන් නුවර පැවති එම සංගමයේ වාර්ෂික සංසදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

අද (23) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර තිබේ. අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔහු සඳහන් කර ඇත. ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි. පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය. අදාළ යාත්‍රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණි.

Read More

පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හමුවී තිබුණි. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ, වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ලක් රජය දරන ශක්තිමත් ප්‍රයන්ත පිළිබඳව සතුටුවන අතර මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍ය අරමුදල අඛණ්ඩව කැපවන බවය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්විය. ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.

Read More

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව “The Economist” විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි. වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයවෙයි. මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණි. ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි. කැනඩාවේ කැල්ගරි සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගර එම ශ්‍රේණිගත ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය… 01. වියානා – ඔස්ට්‍රියාව 02. කෝපන්හේගන් – ඩෙන්මාර්කය 03. මෙල්බර්න්…

Read More

ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හි දී මියගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සිය කටයුතු අංශය වෙත දැනුම් දී තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා නැමති කාන්තාවකි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසය. ඇය නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව යන ලිපිනයේ පදිංචිව සිට ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු මඟින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම් දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk…

Read More

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.

Read More

වැලිමැස්සා දෂ්ඨ කිරීම හේතුවෙන් වැළඳෙන “ලිෂ්මනයිසීස්” (leishmaniasis) නමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් බහුලව වාර්තා වන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණ යන පළාත්වලින් එම රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බවය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය මහතා, “ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් වෙලා. උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, දකුණු පළාත ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතාමත් බහුලව දැනට රෝගීන් වාර්තා වෙනවා. එහිදී රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී 2 – 4ක පමණ දිගින් යුතු ළා…

Read More