Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවගේ අසනීපය සිඟිත්තියගේ දිවි තොර කරයි
    Featured

    මවගේ අසනීපය සිඟිත්තියගේ දිවි තොර කරයි

    By LFNJune 26, 2023Updated:June 26, 2023No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මවට අපස්මාර රෝගී තත්ත්වය වැළඳීම හේතුවෙන් කුඩා දැරියක් ආහාර උගුරේ සිරවී අවාසනාවන්ත පුවතක් වාර්තා වෙයි.

    අදාළ සිදුවීම වාර්තාවන්නේ බගවන්තලාව බ්‍රිඩ්වේල්වත්ත රදේශයෙනි.

    මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුද්දක කුඩා දැරියකි.

    එහිදී දිවා ආහාරය පිළියෙළ කර තම සිඟිති දියණියට ලබාදෙමින් සිටියදී අදාළ 26 හැවිරිදි මවට අපස්මාරය රෝගී තත්ත්වය වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.

    පසුව අසල්වාසී පිරිස නිවස තුළ අදාළ කාන්තාව වැටී සිටිනු දැක සොයාබැලීමේදී කුඩා දැරියද එම ස්ථානයේ මව බදාගෙන සිටිනු දැක කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

    සිඟිති දැරිය ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල්ගතකිරීමේදී අනාවරණය වී තිබේ.

    ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී ආහාර සිඟිති දැරියගේ උගුරේ සිරවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    සිඟිති දැරියගේ මව වන 26 හැවිරිදි කාන්තාව කලක් තිස්සේ අපස්මාර රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බවටද මේ වනවිට අනාවරණය වී තිබේ.

    මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර බගවන්තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.