Author: LFN
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවය. මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බව ඇය සිය ප්‍රකාශයෙන් දැනුම්දෙනු ලැබුවේය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු…
උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළහ. උතුරු නැගෙනහිර වැඳගත් නටබුන් ඇති ස්ථාන ශික්‍ෂුන් වහන්සේලා තනි තනිව අයිතිය වෙනුවෙන් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් ගැටලු ඇති වන බව ලිපියක් යවමින් මේ බව මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කර ඇත. හිතුමනාපයට කටයුතු කිරීමෙන් පුරා වස්තු විනාශ වනවාක් මෙන්ම භික්‍ෂූන් වහන්සේ අතර විරුද්ධවාදීකම් ඇති වන බව කියන එල්ලාවල මෙධානන්ද නාහිමියෝ එම ස්ථාන මහානායක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම සහ නියාමනය ඇති පාලනයක් ඇති කළ යුතු බවද සඳහන් කරති.
මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී තිබූ අතර ඊට සාපෙක්ෂව මැයි මාසයේදී උද්ධනමය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි. අප්‍රේල් මාසයේදි ආහාර කණ්ඩයේ උද්ධමනය සියයට 27.1ක් ලෙස වාර්තා වූ අතර මැයි මාසයේදී එය සියයට 15.8 දක්වා අඩුවී ඇතැයි ද ආහාර නොවන කණ්ඩයේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 39ක් වූ අතර මැයි මාසයේදී එය සියයට 27.6ක්ව තිබූ බව ද ජනලේඛන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අලුත් මාළු, එළවළු,සීනි කුකුළු මස්,මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟරු, සුදු ලූනු ලොකු ලූනු, දෙහි, කරවල,…
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි. චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් මහතාගේ ආරාධනයකට අනුව අලි සබ්රි අමාත්‍යවරයා එම සංචාරය සිදුකිරීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ. ඒ අනුව, ලබන 24 වනදා සිට 30 වනදා දක්වා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය චීන නිල සංචාරයක නිරතවේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඊයේ (21) පැවති තවත් තරගයකින් එක් කඩුල්ලක ජයක් ලබාගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය. ඒ, අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නියැලුණු Curtis Campher පන්දු 108කදී ලකුණු 120ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය. පන්දුවාර 19ක් අවසානයේදී අයර්ලන්තය ලකුණු 72කට කඩුලු 05ක් දැවී අසීරු අඩියක සිටියදී පිටියට පිවිසි Curtis Campher මෙම අගනා ඉනිම ගොඩනගමින් කණ්ඩායම ඉහළට ඔසවා තැබීය. George Dockrell ලකුණු 69ක්…
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවද එම වැඩසටහන සඳහන් කළේය. විශේෂයෙන් කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බව සඳහන්ය. ඒ අනුව, මෙම වසරේ පළමු කාර්තුව තුළ ක්ෂය රෝගීන් 2525 දෙනෙකු හඳුනාගෙන ඇති බව ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.
නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව සිය ප්‍රකාශය මගින් බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍ය අතිශයින් හෑල්ලුවට ලක්කර ඇති බව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය. නතාෂා ජූලි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නොවන බවය. අන්තර්ජාලය හරහා ආගමික සහජීවනයට බාධා කිරීම සහ වෛරය වැපිරවීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින නතෂා එදිරිසූරිය සහ ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රශ්නගත යූටියුබ් නාලිකාවේ හිමිකරු බෘෘනෝ දිවාකර සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි සලකා බැලුණි. එහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, මීට පෙර නඩු…
ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික කුඹුරුයායකට ජලය ලබාගැනීම වෙනුවෙන් පදවිය ජලාශයේ මුරකරුට මත්පැන් පොවා අධිබලැති ජැක් ආධාරයෙක් වාන් දොරටුව විවෘත කරගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට ජුලි 12 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නියෝග කර තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමුකරන්නැයි ද කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලීසියට නියෝග කර ඇත. මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (21) පදවිය සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සියලු සැකකරුවන්ට ලබන ජූලි මස 12…
ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගතකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “රසල් ඇලෝසියස් ස්මිත්” නමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි. අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි. රසල් නමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක අවධානයට ලක් නොවූ පුද්ගලයකු බවද පොලීසිය කියයි. පොලීසිය තවදුරටත් සඳහන් කළේ, රසල් නමැත්තාගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවය. රසල් නමැත්තා ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවන රත්මලාන කුඩු අංජු නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමට පෙර එම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.