Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාර නිලධාරියාගේ වෙස් ගෙන පළා ගිය රැඳවියා
    Featured

    බන්ධනාගාර නිලධාරියාගේ වෙස් ගෙන පළා ගිය රැඳවියා

    By LFNJune 26, 2023No Comments2 Mins Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඉන් පළාගිය පුවතක් ඊයේ (25) වාර්තාවුණි.

    බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙස් ගෙන පළාගොස් තිබූ ඔහු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබුණි.

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් ආගමික වැඩසටහනක් බන්ධනාගාරය තුළ ඊයේ සංවිධාන කර ඇත.

    ඒ පෙරවරු 9.30ට පමණ බව සඳහන් වේ.

    මරණීය දණ්ඩනය නියමවූ රැඳවියෙකු ද ඒ සඳහා එක්ව සිට ඇති අතර ස්වල්ප වේලාවකට පසු ඔහු ඉතා සුක්ෂ්මව එම ස්ථානයෙන් ඉවතට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

    එම රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ම පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.

    එලෙස පිටතට ආ ඔහු ත්‍රිරෝද රථයක නැගී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

    කෙසේ වෙතත් ප්‍රධාන දොරටුවෙන් පිටව ගිය පුද්ගලයා පිළිබඳ ඇතිවූ සැකයක් මත වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ඔහු ලුහුබැඳ ඇත.

    ඔහු ගොස් ඇත්තේ මරදාන දුම්රිය ස්ථානය දෙසටය.

    ඒ අනුව රැඳවියා හඹාගිය නිලධාරීන් මරදාන දුම්රිය ස්ථානයේදී ඔහු අල්ලාගෙන ඇති අතර ඔහු ඒ වන විට දුම්රියකට ගොඩ වී සිට ඇති බව පැවසේ.

    පළාගිය රැඳවියා මිනිස් ඝාතනයකට අදාළව 2015 මාර්තු 6 වනදා ගම්පහ මහාධිකරණයේදී මරණීය දඬුවම නියම සිටි 42 හැවිරිදි අයෙකි.

    පළාගිය රැඳවියා අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඒකනායක මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.