Author: LFN
හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවසේ සිටියදී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය. වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (20) අනාවරණය කළේය. ඔවුන් පෙන්වාදුන්නේ මෙම රෝගය මාරාන්තික විය හැකි බවය. පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න
හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම මහතාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව මෙම මස 22 දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු පසුගිය 25 වනදා හදිසියේ මියගොස් තිබුණි. ඒ, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අරූෂ අශ්විද වෙල්ගම නමැති දරුවෙකි. දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය 22 වනදා රෝහලට ඇතුළත් කර තිබුණේ පාදයේ අස්ථියක සැත්කමක් සිදුකිරීම සඳහාය. කෙසේවෙතත් පැය 06ක සැත්කමකින් පසු දරුවා දැඩි සත්කාර ඒකකයට යොමුකළ බවත් ඉකුත් 25 වනිදා දරුවා මියගිය බවත් දරුවාගේ මව්පියන් පවසයි. මිට පෙර අවස්ථා දෙකකදීත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බවට චෝදනා එල්ල වුණි. එවන් පසුබිමක, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කළේ, උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තවත් තරගයක් අද (20) සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර හරාරේ නුවරදී පැවැත්වුණි. එම තරගයේදී කඩුළු 06 ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 319ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය. මේ අතර අමෙරිකාව සහ නේපාලය අතර හරාරේ හිදී අද (20) පැවති තරගයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට නේපාලය සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 207ක් රැස්කළේය. නේපාල කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ…
වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව එළඹෙන 26 වනදායින් අවසන්වීමට නියමිතව තිබේ. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. කෙසේවෙතත් එම කාලය එළඹෙන 26 වනදා අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට නියමිතය. මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වෙයි. එහෙත් මේ දක්වාත් පොලිස්පති ධුරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා විය. ජනාධිපතිවරයා මේ දිනවල විදෙස් සංචාරයක…
මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද (20) පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ 31 හැවිරිදි මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් බව වාර්තා වෙයි. මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර තිබේ. මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මහනුවර පොලීසිය පැවසුවේය.
දිනෙන් දින රිය අනතුරු ඉහළයෑම සැලකිල්ලට ගනිමින් නීතිරීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ මුදල් වැඩිකිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, “දැනට සිදුවෙන පරීක්ෂණවලට අමතරව නවීන තාක්ෂණය භාවිත කරලා රියදුරන්ගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම මැන බැලීමේ ක්‍රමවේදයක් තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ.” “විශේෂයෙන් තවදුරටත් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමුවෙලා තිබෙනවා. දඬුවම් වැඩිකිරීම පිළිබඳවත් අවධානය යොමුකරලා තිබෙනවා.” මේ අතර, රිය ධාවනයට පෙර එම රථය ධාවනය කරන රියදුරාගේ ශරීර යෝග්‍යතාව හා මානසික ඒකාග්‍රතාව නිවැරදිව පරීක්ෂා කරන යන්ත්‍රයක් වේයන්ගොඩ පෞද්ගලික රියදුරු පාසලක සවිකර තිබේ. එය නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කරයි. එහි සභාපති වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසා සිටියේ, පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවය. “බස්නාහිර පළාතේ පාසල් ළමුන් පාසලට පැමිණෙන විට තමන්ගේ නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ළා පැහැති ඇඳුමකින් සැරසිලා, උෂ්ණත්වයට ගැලපෙන ඇඳුමකින් එන්න කියන යෝජනාව අපි අදාළ අංශ වෙත යොමු කරලා තියෙනවා. ආණ්ඩුකාරතුමාගේ අනුමැතියත්, ප්‍රධාන ලේකම්තුමාගේ අනුමැතියත්, අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියත් එයට හිමිවෙලා තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඒක හොඳ කාර්යයක් විදියට අපි…