Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිවිරෝධී ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් මුදල්
    Featured

    නීතිවිරෝධී ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් මුදල්

    By LFNJune 25, 2023No Comments2 Mins Read231 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගින් දිගටම වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

    පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මාසයක කාලයක් සඳහා ත්‍යාග මුදලේ වටිනාකම වැඩිකිරීමට තීරණය කළ බවය.

    අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන තිබේ.

    පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින්, නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නීරීක්ෂණය වන බවත්, මෙම තත්ත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් වන බවත් පොලිස්පත් සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

    සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකරුන්, කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ඊයේ ලිපියක් යොමු කරමින් පොලිස්පතිවරයා මේ පිළිබඳව කරුණු පැහැදිළි කර තිබුණි.

    එම ලිපිය මගින් පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ මෙම නීතිවිරෝධී ගිනිඅවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බවය.

    ඒ සඳහා සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීමටත්, මාසයක කාලයක් සඳහා මුදලේ වටිනාකම වැඩිකිරීමටත් තීරණය කර තිබේ.

    අද (25) සිට ලබන ජූලි 31 වනදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියෙහි සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.