Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ග්‍රාම නිලධාරී වසම් 3,000ක පමණ ප්‍රමාණයක පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉතා දුෂ්කර වී ඇති බවය. “ගොඩක් රාජකාරි මේ වෙලාවේ තියෙනවා. ඒවා එක්ක කාලසටහන් දීලා තියෙනවා. කෙටි කාලයක් තුළ මේක ඉවර කරන්න තියෙනවා. ඒකත් එක්ක බහුතරයක් ග්‍රාම නිලධාරිවරු තමන්ගේ වසම්වල නිවෙස්වලට යනවා. දීමනාවක් දෙනවා. ඒ දීමනාව ගැන කතාකරන්න ගියොත් කතාකරලා වැඩක් නෑ. ඇත්තටම බොහෝම සොච්චම් දීමනාවක් දෙන්නේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක දීමනා ගැන කතා කිරීමෙන් අපි වළකිනවා. දීමනාව ප්‍රමාණවත් නෑ කියලා පැහැදිලිව කියනවා. නමුත් අපි නිශ්චිත කාලසටහනක් ඇතුළේ අනිවාර්යයෙන්ම අපේ ඡන්ද…
පොසොන් උත්සවය පැවැත්වීම සඳහා හැකි පමණින් දායකවන්නැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජනතාවට ආයාචනයක් කරයි. ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් රජය ලබාදුන් රුපියල් ලක්ෂ 30ක මුදල යළි රජයට ලබාදෙන බවය. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් හිමිව නොමැති බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කළේය. නමුත් රජය පාර්ශ්වයෙන් සඳහන් කෙරුණේ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය මධ්‍යයයේ වුවත් රුපියල් ලක්ෂ 31ක මුදලක් ඒ වෙනුවෙන් ලබාදුන් බවය. එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් පුණ්‍යෝත්සවයේ කටයුතු වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ අරමුණින් පිණ්ඩපාත චාරිකාවකද විහාරාධිපති හිමියන් එක්ව…
කුලී පදනම මත වාහන ලබාගෙන ඒවා උකස් තබා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු සොයා බණ්ඩාරවෙල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පවසන්නේ, මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු දැනට සක්‍රිය සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සෙබළෙකු වන අතර, අනෙක් සැකකරු යුද්ධ හමුදාවෙන් පළාගිය අයෙකු බවය. බදුල්ල ප්‍රදේශයේ පදිංචි, මෙම සැකකරුවන් විසින් ව්‍යාපාර කටයුත්තකට බව පවසා, බදුල්ල සහ අවට ප්‍රදේශවාසින්ගෙන් වාහන කුලී පදනමට ලබා ගැනීම සිදුකර ඇත. යතුරු පැදි, ත්‍රීරෝද රථ, වෑන් ඇතුළු වාහන රැසක් මෙලෙස කුලියට ගෙන ඇති අතර, වාහනහිමිකරුවන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා එලෙස කුලි පදනම මත ලබාගත් වාහනවලට අදාළ කුලී මුදල ද මුල් මාස කිහිපය තුළ නිසි පරිදි ගෙවීමට ඔවුන්…
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළදී ද පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන “පුරවර උදානය” විනෝද සැණකෙළිය මෙවරත් අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්වීමට අනුරාධපුර නගර සභාව සූදානම් කර තිබේ. කෙසේ වෙතත් විභාග කාල සීමාව තුළදි මෙන්ම විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල් අසල උද්‍යානයක සංගීත ප්‍රසංග ඇතුළු විනෝද සැණකෙළි පැවැත්වීම නොසුදුසු බව ගුරුවරුන් හා දෙමව්පියන් පෙන්වා දී ඇත. එම විනෝද සැණකෙළිය එළැඹෙන ජූනි මස 4 වනදා සිට 11 වනදා දක්වා සංගීත ප්‍රසංග සහිතව අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා විය. හරිස්චන්ද්‍ර උද්‍යානය පිහිටා ඇත්තේ විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා…
දිවයින පුරා තැනින් තැන අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය. පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මේ අතර මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය. මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. පාසල් ළමුන්…
ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එළැඹෙන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය බලපැවැත්වෙන බවය. ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබාදීමට නියමිතය. එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය. මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.
කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අරණායක පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව එම සිසුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ජල යෝජනා ක්‍රමය පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අතර ඊට දින දෙකකට පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණි. මෙම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා වීමත් සමග අරණායක පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකුගෙන් අරණායක පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණි. එම පාසල් සිසුන් 06දෙනා ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන්…
යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ. වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් අදාළ රැඳවියා ඊයේ (27) උදෑසන සිට එම විරෝධතාවය ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇති එම සැකකරු මීට පෙර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු බව සඳහන්ය. විනය හේතූන් මත අදාළ රැඳවියා යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැත්වෙයි. ඒ, ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය. ඒ සිව්වතාවක් IPL ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගියවර අයි පී එල් ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ තුන්වන අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි. 16 වන වරට පැවත්වෙන මෙවර IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL අවසන් මහා තරගයට…