Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පවතින තත්ත්වය ඉදිරියේදී වැඩිදියුණුවීමත් සමඟ ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත ඊයේ (25) පෙරවරුවේ ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යෑම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා. 70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා…
ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. එම සමාගම එහිදී සඳහන් කර ඇත්තේ මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බවය. එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් නිවේදනයේ සඳහන් වෙයි. මේ අතර මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත අද පළ කර තිබූ පුවත පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන අශීෂ් විද්‍යාර්ථි දෙවන වරටත් යුග දිවියට පිවිස තිබේ. 60 හැවිරිදි වියේ පසුවන අශීෂ් අතගෙන ඇත්තේ Rupali Barua නම් කාන්තාවකගේය. ඇය විලාසිතා නිර්මාණවේදිනියකි. තමන්ගේ ප්‍රේමය ඉතා කලකට පෙර ඇතිවූවක් බවත් ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් අශීෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. එසේම මොවුන්ගේ විවාහ උත්සවය පවුලේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදුව තිබේ. නව යුග දිවිය පිළිබඳව අදහස් දක්වමින් Rupali Barua ප්‍රකාශ කර ඇත්තේ අශීෂ් යනු ලස්සන මිනිසෙකු බවත් ඔහු සමඟ ජීවත්වීම සතුටක් බවත්ය.
සැක කටයුතු ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ඊයේ (25) දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගනු ලැබීය. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සහ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා පත්කළ විශේෂ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදීය. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල බැඳ සිටියදී හමුවුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදාය. පසුව ඔහු රෝහල්ගත කළ ද එදිනම ජීවිතක්ෂයට පත්වුණි. මේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කළ අතර ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි…
මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමේදී, යම් මුලාවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පසුගිය (24) එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, එම මැණික් පාෂාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය එහි වෘත්තීයභාවයට නොගැලපෙන බවය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා, “ඔබතුමාලා ලොකු සද්දයක් දැම්මා පහුගිය කාලේ මැණික් පාෂාණයක් ගැන, හැබැයි ඒක විකුණුනේ නැහැ ආපහු ආවා. අපිට තියන තොරතුරු අනුව මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම තියෙනවා. අපිත් දැකලා තියෙනවා සමහර ගරන…
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් අර්ජුන රණතුංග මහතා කටයුතු කොට ඇත්තේ නීති විරෝධීව බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ. ඊයේ (25) දින ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් චන්ද්‍රසේකර මහතා මේ බව දැනුම් දී ඇත.
තම බාල සහෝදරයා සමග පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථයට ඉදිරිපස දොර ගැලවී දරුවාගේ පපු ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි ගගන කාවින්ද නම් පාසල් සිසුවෙකි. වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් ගත් පාන් ලොරියක ඉදිරිපස දොර එකවරම ගැලවී පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ වැදී ඇත. අනතුරෙන් පසු රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා ඊයේ (25) දහවල් මියගොස් ඇති බව වාර්තාවේ. ලොරි රථය පැදවූ රියදුරාව වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට…
දුම්රියේ ගැටීමෙන් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකි. තරුණයින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත. වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් දෙදෙනා දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිට ඇති බවය. ඔවුන් විනෝද චාරිකාවක් සඳහා යෑමට වඳුරව දුම්රිය ස්ථානය කරා ගමන්කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ. මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. වේයන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්…
රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන්…
මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේය. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය. මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්අද පැවැත්වුණි. පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය. මෙහිදී මිහින්තලා…