Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඊයේ පැවැති තරග දෙකෙන් ඕමානයට සහ ස්කොට්ලන්තයට ජය
    Sport

    ඊයේ පැවැති තරග දෙකෙන් ඕමානයට සහ ස්කොට්ලන්තයට ජය

    By LFNJune 22, 2023No Comments1 Min Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඊයේ (21) පැවති තවත් තරගයකින් එක් කඩුල්ලක ජයක් ලබාගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.

    ඒ, අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

    ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය.

    එහිදී අගනා පිතිහරඹයක නියැලුණු Curtis Campher පන්දු 108කදී ලකුණු 120ක් රැස්කරගැනීමට සමත්විය.

    ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

    පන්දුවාර 19ක් අවසානයේදී අයර්ලන්තය ලකුණු 72කට කඩුලු 05ක් දැවී අසීරු අඩියක සිටියදී පිටියට පිවිසි Curtis Campher මෙම අගනා ඉනිම ගොඩනගමින් කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.

    George Dockrell ලකුණු 69ක් රැස්කරගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගිනි.

    පන්දුයැවීමේදී Brandon McMullen ස්කොට්ලන්තය වෙනුවෙන් පන්දුවාර 7කදී නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 34කට කඩුලු 05ක් දවාගැනීමට සමත්විය.

    ජයග්‍රාහී ලකුණු 287ක ඉලක්කය හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

    මේ අතර ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ඕමානය කණ්ඩායම සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.