Author: LFN

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී අදාළ තරුණිය විසින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක් සිදුකර තිබුණි. එම ප්‍රකාශයන් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඊට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වීමත් සමග ඇය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද සිදුකර තිබුණි. කෙසේවෙතත් අදාළ ප්‍රකාශ සිදුකළ තරුණිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී…

Read More

සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි නමැති කාන්තාවක් සෞදි අරාබියේදී රැකියාවකට ගොස් අතරමංවී ඇතැයි පවුලේ ඥාතීන් පවසයි. ඇය විසින් එවන ලද වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබුණි. එච්.එම්. දිල්රුක්ෂි, “20ක් 30ක් විතර එකම කාමරයක දාලා. කන්නවත් දෙන්නෑ. දවස ගානේ අරන් ගිහින් එක එක තැන්වලට විකුණලා..පැය 6යේ 7තේ වැඩ කරවගන්නවා. සල්ලි දෙන්නේ නැහැ. සල්ලි ඒජන්සියේ මැඩම් ගන්නවා.” “පෝලිමේ තියලා ලංකාවේ කාන්තාවන්ව මුන් විකුණනවා. 19,500යි සෙකන්ඩ් හෑන්ඩ්. අලුත් එව්වු 30,000යි කියලා උන් ගණන් කියනවා. අනේ මොකක් හරි කරන්න.” ඇය දරුවන් 4 දෙනෙකුගේ මවකි. දිල්රුක්ෂිගේ සැමියා වන චමිල්සිරි නන්ද තම බිරිඳ ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට අද කතරගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙකු මැදපෙරදිග ඇතුළු විදෙස් රටවලට යන්නේ ගෘහ සේවයේ නිරතවීම සඳහාය. එහිදී හාම්පුතුන්ගේ විවිධ තැලීම් පෙළීම්වලට ලක්වන ඇතැම් කාන්තාවන්ට තම ජීවිතය පවා අහිමිවී යයි. පසුගියදා සිංගප්පූරුවේදී කාන්තාවක් ඉහළ මහලයකින් පැන මියගොස් දින කිහිපයක් යන්නට මත්තෙන් තවත් එවැනිම සිද්ධියක් මැලේසියාවෙන් වාර්තා වුණි. කොබෙයිගනේ පදිංචි නිලන්ති බණ්ඩාර 44 හැවිරිදි එක්දරු මවකි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජා-ඇල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් හරහා ඇය මැලේසියාවට යන්නේ සංචාරක වීසා හරහාය. එහිදී ගෘහ සේවිකාවක් ලෙස නිවසක සේවයට යන ඇය විවිධ තාඩන පීඩනවලට ලක්වී තිබේ. කෙසේ වෙතත් මැලේසියාවේ සිටින ඇයගේ මිතුරියකගෙන් පසුගිය 23 වනදා ඥාතීන්ට අසන්නට ලැබුණේ ඉතාම අසුබ පුවතකි. ඒ නිලන්ති තට්ටු ගොඩනැගිල්ලකින්…

Read More

නීතිවිරෝධි ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්වී රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් ඊයේ (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ගෙනආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි. එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබේ. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බව වාර්තා වෙයි.

Read More

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ. ඊයේ (26) සවස 6.30 ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දෙපිරිසක් අතර කලක පටන් පවතින ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

Read More

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය. ඒ අනුව ගුජරාට් කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වනවිටත් අවසාන මහ තරගයට සුදුසුකම් ලබා තිබේ. IPL තරගාවලියේ අවසන් මහා තරගයට අවස්ථා 9කදී සුදුසුකම් ලැබු චෙන්නායි කණ්ඩායම ඉන් අවස්ථා 4කදී ශූරතාව හිමි කරගැනීමට සමත් වුණි. ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18යි පන්දු02ක් අවසානයේ…

Read More

මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 604ක ආයෝජන ලැබී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read More

ජපානයේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා හමුවී තිබේ. එම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇත. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව පැවසීය.

Read More

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවය. පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිතය. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 සිට 2023.06.08 දිනය දක්වා පැවැත්වෙයි.

Read More

එදිරිවාදිකම් ඇති බලවත් රාජ්‍යයන් දෙකක් වන එක්සත් ජනපදය සහ චීනය අතරින් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල නොකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියේය. ජපානයේ නිල සංචාරය අතරතුර, ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ ‘නික්කෙයි’ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ හි පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ ‘නික්කෙයි’ සමුළුවේදී ඊයේ (25) දේශනයක් පැවැත්වීය. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණි. එහිදී ජපාන රජයේ සහාය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

Read More