Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවය. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…
මෙරට පැවති ඊළාම්වාදී යුද්ධයෙන් පසු ඒවැනි සාපතර යුගයක් පැවති බවට අමතක ඉතිහාසයෙන් පාඩමක් නොගත් ජාතියක් අද මෙරට ජීවත් වන බව ඇතැම් කීබෝඩ් වීරයන්ගේ සාමාජගත කිරීම් හමුවේ අනාවරණය වේ. ඒ සදහා ආසන්න හොදම උදාහරණයක් තමයි මෙි දින වල සමාජ මාධ්‍ය තුල සුරංග පෙරේරා නැමති මුදලට කහින පුද්ගලයා විසින් පල කර ඇති රෙන්ජ් රෝවර් කථාව. ප්‍රභාකරන් මැරුණට පස්සේ කණගාටුවන සිංහළයන්ද මෙරට වෙසෙන බව හුදෙක් මෙවැනි තත්වයන් තුල අවධාරණය වන අතරම පැවති අරගල කාලය තුල හමුදාවේ තත්වයන් වැරදි ලෙස හුවා දක්වමින් මෙරට අරක්ෂක හමුදාවන් අඩපන කිරීමෙි කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වු බව මෙි වන විට නොරහසකි. මෙි අතර රූපවාහිණි වැඩසටහන් වලට සම්බණ්ධ වෙමින් ආර්ථික…
ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ඒ අතර එහි නියෝජ්‍ය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සේවා සහායකද සිටින බවය. ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණි. විමර්ශන කණ්ඩායමක් ඒ අනුව එම ප්‍රදේශයට ගොස් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබුණි. එහිදී හෙළිවී තිබුණේ පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් මස දස වනදා උකස් තැබූ තම රන් භාණ්ඩ නැවත උකස් තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා අස්ථානගතවී තිබීම හේතුවෙන් එම…
2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුය. යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බව ද අදාළ නිවේදනයේ දැක්වේ. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බව ද ගුරුවරුන්ට දැනුම් දී ඇත. මේ අතර අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද…
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය බලපෑ හැකි බවය. මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි. අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.
මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි මාසයේදී ඩොලර් මිලියන 662ක් මිලදීගෙන ඇති අතර එය මාසයකදී ගත් වැඩිම අගය වන බවය.
ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයාට පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇත. මෙම කැබ් රථයේ හිමිකරුවා යුද හමුදා මේජර්වරයකුගේ බවද පොලිසිය පවසයි. මේජර්වරයා මෙම කැබ් රථය කොල්ලුපිටිය කුලී රථ සපයන ආයතනයකට කුලී පදනම මත ලබාදී ඇති බවත් සැකකරුවන් එය කුලී පදනම මත ලබාගෙන මෙම අපරාධය සඳහා රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි . ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා මෙම කැබ් රථයෙන් බොරැල්ල හරස් මාර්ගය වෙත පැමිණ කැබ් රථයෙන් බැස එතැන් සිට යතුරුපැදියකින් බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ මෙම අපරාධය සිදුකර ඇතැයි ද පොලීසිය…
ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (29) දහවල් කාලයේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. පොලීසිය පැවසුවේ මෙම දරුවා දිය නාමින් සිටිය දී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවය. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතය. ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේය. පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බව ද ඒ මහත පැවසීය. එමෙන්ම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මේ සතිය තුළ මස් මාංශ වෙළෙඳසැල් වසා තබන ලෙස නියෝග කර ඇතැයි ද පැවසු ජයසුන්දර මහතා මෙම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු යැයි ද පැවසු ඒ මහතා, රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ…