Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
IPL තරගාවලියේ අද පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 81කින් ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත්විය. ඒ අනුව ලක්නව් කණ්ඩායමට මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති. මෙම තරගය ජයගැනීමත් සමග මුම්බායි කණ්ඩායම එළඹෙන සිකුරාදා පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කන්ඩායමට එරෙහිව තරගවදිනු ඇති. ඒ අනුව එළඹෙන ඉරිදා දිනයේ පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි කණ්ඩායමට එරෙහිව තරගවදින්නේ ඉන් ජයගන්නා කණ්ඩායමයි. අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.
ඉන්දු – ඔස්ට්‍රේලියා මිත්‍රශීලී සහ උණුසුම් සබඳතාවලට හානි කරන අන්තවාදී පිරිස්වල කිසිදු ක්‍රියාමාර්ගයක් රටක් ලෙස කිසිසේත් පිළිනොගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි. ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රේලියාවේ පිහිටි හින්දු ආගමික සිද්ධස්ථාන වෙත ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් මේ බව පවසා ඇත. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය නායකයින් දෙපළ හමුවී පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහතික වී ඇත්තේ එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටය. ඔස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානු ප්‍රජාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන බවට ද ඔස්ට්‍රේලියානු රජය ඉන්දියාවට පොරොන්දු වී ඇතැයි විදෙස්…
12 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව තරුණයෙකු සහ විවාහක යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි වියේ පසුවන තරුණයා වස්කඩුව නුගගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අඹුසැමි යුවල බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. ගුරුවරියක් විසින් පසුගියදිනක එම දැරිය පාසල වෙත නොපැමිණි බවට දැරියගේ මවට දැනුම්දී තිබේ. ඒ අනුව දැරියගේ මව විසින් දැරිය සන්තකයේ තිබූ දුරකථනය වෙත ඇමතුමක් ගෙන කළ විමසීමකදී පවසා ඇත්තේ තමන් මිතුරෙකුගේ නිවසේ සිටින බවය. අනතුරුව තමන් බණ්ඩාරගම බස් නැවතුම්පොළේ සිටින බවට දැරිය විසින් මවට දුන් ඇමතුමකට අනුව ඇයගේ මව එහි ගොස් දැරියද රැගෙන පොලිස් බණ්ඩාරගම ස්ථානය වෙත ගොස් තිබේ.…
තමාව සභාපති ධුරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලාංකික ජනතාවට අත්වු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”
නීතිවිරෝධී ලෙස රත්‍රන් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණීමේ චෝදනාව යටතේ රේගුව විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එම සිද්ධියෙන් අනතුරුව මුල්වරට ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය. ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සඳහා එක්වීමෙන් අනතුරුවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවසුවේ තමන් අපහසුතාවයට පත්වූ මොහොතේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් ජනක රත්නායක මහතාව ඉවත්කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවසුවේ අදාළ රත්‍රන්…
දකුණුදිග ගැඹුරු මුහුදේ ගිලී ගිය චීන ලූපෙන් යුවාන්යු 028 ධීවර යාත්‍රාවේ මළසිරුරු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව දියත් කළ මෙහෙයුම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකා නාවික හමුදාව දියත් කළ මෙම මෙහෙයුම ඉතා අවධානම් සහගත බවය. පුද්ගලයින් 39 දෙනෙකු රැගත් චීනයට අයත් ලූපෙන් යුවාන්යු 028 ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ ගිලී ගියේ පසුගිය මැයි 16 වනදාය. චීනයේ ඉල්ලීම පරිදි යාත්‍රාව සහ එහි කාර්යමණ්ඩලය සොයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ අදාළ කලාපය වෙත යොමු කෙරුණි. ආපදාවට පත් යාත්‍රාව අසලට ළඟාවූ විජයබාහු නෞකාව, උඩුකුරුව පෙරළී…
පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වෙයි. ඊයේ (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව මාධ්‍යට වාර්තාවේ . පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුණි. පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවය. කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන්…
ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ, පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසිනි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි. එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.