Author: LFN

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අතිවිශේෂ ගැසටි නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More

එක්සත් ජනපද ඩොලරයක අද (15) ගැනුම් මිල රු. 311.60 ක් දක්වාත් විකුණුම් මිල රු. 328.92 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ ද ඩොලරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබූ අතර එය රුපියල් 9.77ක අගයක් බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් වෙනස් වී තිබූ වාර්තා වෙනවා. ඒ අනුව මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 313.46 අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 328.20 ලෙසයි. ලංකා බැංකුවේ එම අගය රු. 315.00 ලෙස හා විකුණුම් මිල රු. 335.00 ලෙස වෙනස් වුණා. සම්පත්…

Read More

මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙකු රාගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. රාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සහෝදරයාට 2001 වසරේදී චෝදනා එල්ල වී තිබිණ. ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධානාගරගතව සිට ඇති අතර 2004 වසරේ ඇතිවූ සුනාමි ඛේදවාචක‍ය අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට බස් රථයකින් රැගෙන යමින් සිටියදී අදාළ පුද්ගලයා නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබේ. පසුව බන්ධනාගාරගතව සිටි පුද්ගලයා 2012 වසරේදී නිදොස් කොට නිදහස් කෙරුණු අතර පලා ගිය සැකකරුට මරණීය දණ්ඩනය නියම කිරීමට අධිකරණය තීරණය කළ බව සඳහන් ය. ඊයේ දින අත්අඩංගුවට ගත් මරණ දඬුවම නියමව සැඟව…

Read More

වෙඩිතැබීමේ සිද්ධියට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පී. ඩි. අඅබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. ඊට අමතරව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසත් නියෝග කළේය. එසේම ඔහුගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

Read More

දුම්රිය ධාවනය සඳහා හරස් මාර්ගයක් වසා තිබියදී ඒ හරහා පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් වාර්තා විය. කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය සඳහා වසා තිබියදී ඒ හරහා අනතුරුදායක ලෙස මෙම පෞද්ගලික බස් රථය ධාවනය කිරීමට උත්සාහ ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික බසයේ රියදුරා ලබන 20 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියම කළේය. සැකකරු ගල්නෑව අවුකන මල්බලිගල පදිංචිකරුවෙකු වන කලුතන්ත්‍රීගේ කසුන් අමරුවන් නමැති 30 හැවිරිදි අයෙකි. මෙම අනතුරුදායක සිදුවීම වාර්තාවී ඇත්තේ පෙරේදා (13) දිනයේදීය. ඊට අදාළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දුටු…

Read More

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසීය. නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව…

Read More

නුවරඑළිය, බෝඹුරුඇල්ල රක්ෂිතයට ඊයේ (14) දර කැඩීම සඳහා ගොස් සිටි කාන්තාවක් අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පීඩාවත්ත, ලවර්ස්ලිප් ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඊයේ සවස 2.00ට පමණ ඥාති පුතෙකු සමඟ එම රක්ෂිතයට ගොස් දර සොයමින් සිටින විට ඥාති පුතාට මෙම කාන්තාව මඟ හැරී තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. නුවරඑළිය පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Read More

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවක් අපයෝජනය කළ වෛද්‍යවරයකු සොයා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හතළිස් දෙහැවිරිදි කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරන බව‍යි පොලිසිය පවසන්නේ. සියඹලාපේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී මෙම අපයෝජනය සිදු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට එම දෙපාර්තමේන්තුවට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක්. එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. එම කරුණු අනාවරණ වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි. එහිදී එම කාරකසභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ සමස්ථ සේවක සංඛ්‍යාවේ වැඩි වීමක් අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.

Read More

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ආරාධනා කර තිබෙනවා. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම යන තේමාව යටතේ ජුනි මස 22 සහ 23 දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ්-19 වසංගතයේ බලපෑම, යුද ගැටුම් ඇතුළු ගැටලු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිනවා. එම අභියෝගවලට මුහුණදීම සඳහා…

Read More