Author: LFN

මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිටට ගියවිට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ දී ඊයේ (13) දින පැවසීය. පූගොඩ මණ්ඩාවල රණවිරු ගම්මානයේ පැවැති රණවිරු සැමරුමකට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එලෙස පැවසූවේය. ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීය. අද වන විට රටේ පාලකයන්ට මෙන්ම බොහෝ ජනතාවටත් රණවිරුවන් අමතක වෙමින් පවතිනවා. යුද්ධයක් තිබුණද කියලත් දැන් සමහරු දන්නේ නෑ . සමස්තයක් ලෙස ⁣වර්තමාන රජය ඇතුළු කිසිදු රජයක් රණවිරුවන් පිළිබදව බැලුවේ නෑ. උතුරු නැගෙනහිර සමහර ඉඩම් තියෙනවා යුද හමුදා අවශ්‍යතාවය මත කදවුරු ස්ථාන ගත කරන ලද. ලබා ගත්…

Read More

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා වසාදමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Read More

චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවය. වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මෙතෙක් කිසිදු එන්නතක් අත්හදා බලා නොතිබු බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1952 වසරේ දී චිකුන්ගුන්යා රෝගය මුල්වරට හදුනාගෙන ඇති අතර එය මේ වන විට රටවල් 110ක පමණ පැතිර ගොස් ඇති බවය.

Read More

පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවය. ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159කි. එමෙන්ම ඉන්දීය සංචාරකයින් 99,147දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය සංචාරකයින් 45,108 දෙනෙකු පැමිණ තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ පසුගිය වසරේ මැයි මාසය දක්වා මෙරටට සංචාරකයින් පැමිණ ඇත්තේ 378,521 දෙනෙකු බවය. එමෙන්ම මේ මාසයේ ගතවූ දින 11ක කාලය තුල මෙරටට විදෙස් සංචාරකයින් 31,909 දෙනෙකු පැමිණ තිබේ. ඉන් වැඩි පිරිසක් ඉන්දීය සංචාරකයින් වන අතර…

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් රැස්කරගනීමට සමත්විය. එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් Saqib Zulfiqar ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්විය. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් බැගින් දවාගැනීමට සමත්විය. ලහිරු කුමාර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 47ක් රැස්කරගත අතර චරිත් අසලංක ලකුණු 29ක් රැස්කරගත්තේය.…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවය. නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20ක් පමණ මුදලක් දැරීමට නොහැකි වීම නිසා එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය ක්‍රියාතක්මක වන බව සඳහන්ය.

Read More

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවය. ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබේ. එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. සෙසු සැකකරුවන් අතර මෙරට සුරූපී තරුණියක් , කළමනාකරු එමෙන්ම මෙම ගණිකා ජාවාරම මෙහෙයවන යුද හමුදා හිටපු නිලධාරියකු ද වන බව පොලිසිය කියයි. මෙරට සුරූපී තරුණිය වයස අවුරුදු හතක් වන ඇයගේ දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබු බවත් පොලිසිය කියයි. කොළඹ 3 කොල්ලුපිටිය දෙමහල් ගොඩනැගිල්ලක ගණිකා මධ්‍යස්ථානයක් ජයටම පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද…

Read More

වාහන ආනයන සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නා බව ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ඔහුගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී රේගු නිලධාරින් ප්‍රකාශ කළේ වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ලඟාකර ගැනීමට රේගුවට නොහැකි වී ඇති බවයි. රේගුවෙන් රුපියල් බිලියන 1,226ක ආදායමක් මෙම වසරේ අපේක්ෂා කරන නමුත් මුල් මාස 05 තුළ දී උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 330ක් පමණක් බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා. මේ මස සිට වාහන ආයනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස…

Read More