Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි
    Uncategorized

    නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි

    By LFNJune 19, 2023No Comments2 Mins Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් පැන නගින බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා කරයි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් විදුහල්පතිනියක් මියගොස් ඇති බවය.

    මෙම නිර්වින්දන ඖෂධය ලබාදීම හේතුවෙන් පසු ගිය 16 වනදා මෙම විදුහල්පතිනිය මියගිය බවත් එලෙස මියගිය දෙවන රෝගියා ඇය බවත් ඔහු සඳහන් කළේය.

    එමෙන්ම ඔහු පැවසුවේ එම මරණයට හේතුවී ඇත්තේ ඖෂධ සංකූලතාවයක් බව පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති බැවින් අදාළ නිර්වින්දන ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදුන් ජාතික ඖෂධ නියාමන අධිකාරි මේ සඳහා වගකිව යුතු බවය.

    කෙසේවෙතත්,මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළේය.

    එහිදී ඔහු පැවසුවේ අදාළ නිර්වින්දන ඖෂධය පසුගිය සමයේ විශේෂ විදිවිධාන යටතේ මෙරටට ගෙන්වූ එකක් බවය.

    මේ අතර,කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයේ පරීක්ෂණ කටයුතු මාස දෙකක පමණ කාලයක සිට නවතා දමා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

    ඒ හේතුවෙන් රෝගීන්ට අධික මුදලක් වැයකරමින් පෞද්ගලික රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යෑමට සිදුව ඇති බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

    “ජීවානුහරණ පද්ධතිය නිසි පරිදී නඩත්තු කරලා නැහැ. සජීවි ක්ෂුද්‍රජීවි පටල සාමාන්‍ය අපද්‍රව්‍යක් ලෙස පාවිච්චි කිරීම නිසා මිලියඩෝසිස් රෝගයට කාර්ය මණ්ඩලය ගොදුරුවෙලා තියෙනවා. රසායනාගාරය මාස එක හමාරක් තිස්සේ වහලා. පරීක්ෂණ පෞද්ගලික අංශයට යවනවා. ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික අංශයට යනවා.”

    මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් මාධ්‍ය විමසීමක් කළේය.

    එහිදී ඔහු පැවසුවේ සේවකයින් දෙදෙනෙකුට එම රෝගය වැළඳී ඇති බවත් එය රෝහලේ රසායනාගාරය හරහා වැළඳීමක්ද යන්න නිසි ලෙස තහවුරු කළ නොහැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.