Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුමන්තිරන්ගේ ප්‍රකාශයට ඇමති විදුරගෙන් පිළිතුරු
    Featured

    සුමන්තිරන්ගේ ප්‍රකාශයට ඇමති විදුරගෙන් පිළිතුරු

    By LFNJune 19, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙතරම් බලපෑම් එල්ල වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වැඩකටයුතු කළ යුතුව ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වමිනි.

    “උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් මංකොල්ලකෑම්වලට ප්‍රධාන හේතුව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා…අමාත්‍යවරයා යටතේ නීතිවිරෝධී ඉඩම් කොල්ලකෑම් සිදුවෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම විදුර වික්‍රමනායක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන්න කියලා. ” යනුවෙන් සුමන්තිරන් මහතා පවසා තිබුණි.”

    එයට පිළිතුරු විදුර වික්‍රමනායක මහතා,

    “බෞද්ධ ධර්මයට වේවා, සාසනයට වේවා යම් අභියෝගයක් එල්ල වෙන බව පේනවා. මේ අභියෝගය අද ඊයේ නෙමෙයි සෑහෙන කාලයක් පුරා නිර්මාණය වුණ එකක්. ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම ගහනවා අපේ හාමුදුරුවනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කළ යුතුයි කියන මට හිතෙන්නේ… හැබැයි ඒක නිවටකමක් නෙමෙයි. අපි කළ යුතු දේ කළ යුතුයි. අපේ රටේ නීතියක් තියෙනවා. අපි ඒ නීතියට අවනත වෙන්න ඕනේ. බුද්ධ නීතිය එකපැත්තකින් තියෙන අතරතුර රාජ නීතිය තව පැත්තකින් තියෙනවා. මේ දෙකටම අනුගත වෙමින් කටයුතු කළ යුතුයි. අපි ඒකට අනුගත වෙද්දි සමහරු හිතනවා නිවටකම කියලා. නෑ. කළ යුතු දේ වෙලාවට අපි කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.