Author: LFN
චීනය තුළ යළිත් වරක් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පවසන්නේ ඉකුත් අප්‍රේල් මාසයේ සිට චීනයේ රෝහල්වලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවය. එරට රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ චීන මධ්‍යස්ථානයේ දත්තවලට අනුව චීනයෙන් මැයි මස අවසානයේදී පරීක්ෂාවට ලක්වූවන්ගෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි. රජයේ දත්තවලට අනුව ඉකුත් වසර සමග සැසඳීමේදී ඉකුත් මැයි මාසයේදී චීනයෙන් සැලකියයුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබේ. චීනයෙන් මැයි මාසයේදී කොරෝනා ආසාදිත මරණ 164ක් වාර්තා වෙන බවද සඳහන් ය. එමෙන්ම වෛරසය ආසාදනය වූ තවත් 2,777 ක්…
වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා සඳහන් කළේ, “ජනාධිපතිතුමා ජපානයේ ගිය වෙලාවේ අපේ අපනයනකරුවන් හමුවෙලා කියලා තිබ්බා.. තව ටික කාලයකට වාහන ගේන්න අමාරුයි කියලා. තව විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා කියලා. ” “මේ ක්ෂේත්‍රයේ දැනුම තිබෙන්නේ අපිට. අපිට පුළුවන් මේක කරන්න. ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන කරන්න පුළුවන්. අලුත් වාහනයකින් 70%ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් 2017 එකක් ලක්ෂ 10ක් 12කට විතර. ඒ වගේ වාහනයක් අපිට මෙහෙ සාධාරණ මිලකට දෙන්න පුළුවන්.” කෙසේවෙතත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කළුතර බන්ධනාගාරයේ රැදවියකු වන තම පුතාට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය කීය. බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය කීය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. පොලීසිය සඳහන් කළේ ඔහුව (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන මඟින් සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙි. අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් හෙක්ටයාර් 16,000ක භූමියක එම බඩ ඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරෙයි. උසස් තත්ත්වයේ දෙමුහුන් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට (15) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය. මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසීය. නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත්…
කොළඹ යුද හමුදා රෝහලේදී පසුගිය දා සිදුකළ ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ. එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි. කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය. ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහාය දක්වා තිබේ. යුද හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින මෙම සැත්කම සිදුකර ඇති අතර,…
දේශපාලකයන් සහ ඔවුන්ට සම්බන්ධ පිරිස් හොරකම් කළ මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා යොදවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. හොරකම් මැරකම් අල්ලස දූෂණය නතර කර හොරු සියල්ල නීතිය හමුවට ගෙනවිත් දඩුවම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. නැවත වරක් රට බංකොලොත් වීමට ඉඩ දිය නොහැකි බවත් දැනුම කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් මගින් රටත් ජනතාවත් දිනවීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එළඹෙන ජුනි 23 වැනි දාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය…
මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. එම ව්‍යාපෘතිය පිළිබඳව සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා මහතා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවති බවත් එහිදී එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව අවදානය යොමු කළ බව ද අමාත්‍යවරයා කීය.