Author: LFN
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම දුෂ්කරවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍යයන් 11,293කට ආසන්න ආචාර්යවරු පිරිසක් ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය වුවද මේ වනවිට එම කාර්යයේ නිරතවනුයේ 6,677ක පමණ පිරිසක් බව එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්‍ය ඉලංගසිංහ මහතා පැවසීය.
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමාව තීරණය කිරීම සඳහා මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ
තමාට හිමි වූ බලතල පාවිච්චි කර සබරගමු පළාතට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසීය. සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය. ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි තමාට එම තනතුර ලබාදුන් බවත් එය කැබිනට් අමාත්‍ය ධුරයක් හා සමාන බලතල ඇති බවත් නවීන් දිසානායක මහතා පැවසීය. “ජනාධිපති තුමාගෙන්ම තමා අපි අභියෝගවලට මුහුණදෙන්න ඉගෙනගත්තේ. යම් තැනකට ගිහින් ඒ අභියෝගය භාරගන්න අවශ්‍යයි. විශේෂයෙන් මුල්‍ය අර්බුදයක් තිබෙන අවස්ථාවක රජයේ වියදම් කපාහරින අවස්ථාවක මම බලාපොරොත්තු වනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන කේෂ්ත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න…
නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත. සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායක මහතාට ලබා දී තිබේ.
නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ, නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පන්ති තහනම තාවකාලිකව පනවා ඇති බවය. “අපිට වාර්තා වෙලා තියන විදියට ජ්‍යෙෂ්ඨ සිසුන් 21ක් පමණ නවක සිසුන්ට නරක් වූ ආහාර අනුබව කරන්න දීලා පරුෂ වචනයෙන් බැනවැදිලා, තර්ජනය කිරීම් ආදිය කරලා කියලා අපිට වාර්තා වෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලය විසින් තීරණය කළා ඒ නවක වධය සිද්ධියට සම්බන්ධ වෙච්ච සිසුන් 11කගේ පන්ති තහනමක් ක්‍රියාත්මක කරන්න තාවකාලිකව විමර්ශනයකට යටත්ව. මේ…
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවා තිබේ. නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බව හඳුනාගෙන ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමග මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත අමාත්‍යවරයා සඳහන් කළේය.
නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙම මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය. මැතිවරණයක් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධති (Code of Condutc) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත්…
අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ සමඟ ළගදීම සාකච්ඡා කරන බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කඹුරුපිටියේ පැවති ජන හමුවකදීය. ඩලස් අලහප්පෙරුම මහතා එහිදී මෙසේද සඳහන් කළේය. මේ අසංවේදී අත්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩ නැගිය යුතුයි. එහි ආරම්භයක් විදියට අප නිදහස ජනතා සභාව විපක්ෂයේ ප්‍රධාන ධාරාවන්වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙන්ම අනෙකුත් සියලුම ලොකු කුඩා විපක්ෂ බලවේග සියලු දෙනා…
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට (13) දිනයේ පැය 20 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙනිය, මහරගම – පිලියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට හෙට 10 සිට පැය 20 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි. පැලැන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.