Author: LFN
බිබිල, මැදගම තබාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
කිරුලපන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප්පයක් කුහරයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද(12) කිරුලපන පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන තිබෙනවා. එම පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් සැකකටයුතු යමක් තාප්ප කුහරයක් තුළ තිබෙන බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කරන ලද සෝදිසියක දී මෙම බෝම්බය සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එම ප්‍රදේශයට ආරක්ෂාව යොදවා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට කිරුලපන පොලිසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
1990 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නැගෙනහිර පළාතේදී ඝාතනයට ලක්වූ පොලිස් භටයන් 600ක් සිහිපත් කරමින් අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාවගේ සහභාගිත්වයෙන් අම්පාරේදී උත්සවයක් පැවැත්විණි. 1990 ජූනි 11 වැනිදා එල්ටීටීඊය විසින් පොලිස් නිලධාරීන් 899 දෙනෙකු පැහැරගත් බවට වාර්තා වන අතර, ඒහිදී ඇතැම් නිළධාරීන් ත්‍රස්ත ග්‍රහණයෙන් පැනගොස් ඇතත් අවශේෂ පොලිස් නිලධාරීන් 600ක් පමන ඝාතනය කර ඇති බව වාර්තා වේ. එවකට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිරායුධ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් කරන විට නැගෙනහිර පළාතේ කොටි ප්‍රධානියා ලෙස කරුණා අම්මාන්ය කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් එවකට පැවති රජය විසින් පත්කල කොමිසමකට පවසා ඇත්තේ තමන් එවකට…
ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බස් රථයක් මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 25 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. මංගල උත්සවයකට සහභාගී වී යළි එමින් සිටි පිරිසක් එම බස් රථයේ සිට තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් අනතුරින් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් කළේය
දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති පාසල් සිසුවෙක්. නිවසේ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවා වැසිකිලිය වෙත ගොස් ලි දණ්ඩයක් වැසිකිලියේ කවුළුවේ රදවා රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ. මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩිදුර පරික්ෂණය පවත්වන බව බගවන්තලාව…
නිවෙස්වලට ඇතුළු වී ගිනි අවි පෙන්වා කොල්ලකෑම් සිදුකළ සිදුවීම් දෙකක් ඌරුබොක්ක සහ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ඌරුබොක්ක පොලිස් වසමේ ව්‍යාපාරිකයකුගේ නිවෙසට පැමිණි ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනකු නිවැසියන් කාමරයකට දමා රුපියල් ලක්ෂ 98ක් මුදල් හා ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ ගැටහැත්ත ග්‍රාමයේ නිවෙසකට ගිනිඅවි රැගෙන ඇතුළු වූ පුද්ගලයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන දෙකක් හා කැමරාවක් ද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසනවා. සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා. එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත් , එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය පවසනවා. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියේය. පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණි අතර මෙම යූරියා පොහොර අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළේය. මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම…
හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි. එම අත්බෑගය තුළ රුපියල් 120,000ක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7,000ක් පමණ වටිනා දුරකථනයක් මෙන්ම රුපියල් 6,000ක මුදලක් තිබුණු බව ගුරුවරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි. ඊයේ (11) ළමුන්ගේ දෙමාපියන් දෙමවුපියන් කැඳවා පාසලේ පිරිසිඳු කිරීමේ කටයුතු කර ඇති අතර එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගුරුවරිය 6 හා 7 ශ්‍රේණි සඳහා වෙන්කර ඇති ගුරු විවේකාගාරයේ මේසයක් මත සිය අත්බෑගය තබා පිටව ගොස් විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව නැවත පැමිණ පැමිණ බලනවිට එය නොමැති බව දැක තිබූ බව පොලීසිය කීය. පසුව…
2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.