Author: LFN

විජයග්‍රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702 ට උසස්වීම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. මෙම පිරිස අතර නිලධාරීන් 354 දෙනකු හා සෙසු නිළයන් 3348 දෙනකු සිටින බව හමුදාව පවසයි. යුද හමුදා බි්‍රගේඩියර් නිළයේ සිට සාමන්‍ය සෙබළ දක්වා හමුදා පිරිස් වෙත මෙලෙස් උසස්වීම් හිමිව ඇත. නාවික හමුදා සහ ගුවන් හමුදා දියන් ට සමගාමීව එම සමාජිකයන්ට උසස්වී්ම් ලබා හිමවන අතර හමුදා සාමාජියක් හට පමණක් මෙලෙස උසස්වීම් ලබා දී ඇත.

Read More

තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුද්ධාගම සහ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ තමන් හෙළා දකින බවත් ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ වලට අප රටේ ඉඩක්…

Read More

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ 23 වනදා මෙරට සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය. එහිදී නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ 20යි 20 ජාත්‍යන්තර තරග 3 බැගින් පැවැත්වෙයි. එම එක්දින තරගාවලිය ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙයි. ජූනි 27, ජූනි 30 සහ ජූලි 03 යන දිනයන්හී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එම තරග පැවැත්වීමට නියමිතය. මේ අතර 20යි 20 තරග ජූලි 08, 10, සහ 12 යන දිනයන්හිදී කොළඹ පී සරා ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය.

Read More

2017 දී මෑන්හැටන් වීදියක පදිකයින් සහ පාපැදිකරුවන් වෙත ට්‍රක් රථයක් පදවා පුද්ගලයින් 08 දෙනෙකු මරා දැමීමේ සිද්ධියේ සැකකරු වූ සෙයිෆුල්ලෝ සයිපොව් (Sayfullo Saipov) ට සිරඳඬුවම් නියම කර තිබේ. ඉස්ලාමීය රාජ්‍ය ආධාරකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ඔහු 35 හැවිරිදි උස්බෙකිස්ථාන් ජාතිකයෙකි. 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ නිව්යෝර්ක් හි සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙසද මෙය සැලකෙයි. ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 10ක් ලබා දෙන ලදී. ඉන් අටක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන අතර ඊට අමතරව වසර 260ක සිරදඬුවමක් ක්‍රියාත්මකය. ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු කිසිදා නිදහස් නොවනු ඇති බවය.

Read More

තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මෙම තීරණය (17) දින සිට බලපැවැත්වෙන බවය.

Read More

ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කරගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය. “වැටුප් ගැන මට පෙනෙන විදියට.. අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවකට. මේක මෙහෙ විතරක් නෙමෙයි. එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙනවා.” “ඒත් මේවා කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකේ හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා.” “දෙවනුව ඊට වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම්.. බැංකු ගියා නම් ඔක්කොම…

Read More

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දකුණු පළාතේත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More