Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය. මේ අනුව පාර්ලිමේන්තුව මැයි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කිරීමට ද මෙහිදී තීරණය විය. මැයි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අංක 2312/67 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, නිෂ්පාදන බදු…
දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සපිරෙයි. යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවුණි. සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණි. එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය පෑමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිවිය. කෙසේවෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකරනු ලැබීය. පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.
රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ, තද උණ සහ අධික ඇඟපත වේදනාව මෙන්ම හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයක් ලෙස ජනතාව මෙම ඖෂධ භාවිතයට යොමුව ඇති බවය. Non Steroidal Anti Inflammatory Drugs එසේත් නොමැති නම් ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ ලෙස හඳුන්වන ලබන මෙම ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබාගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය. ඩයික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළෙඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා කෙරෙන බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ…
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය. එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇත. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිත බව ද නාවික හමුදාව පවසයි.
කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවය. දැනටමත් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ද එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් මූල්‍ය අරමුදල ලබාදුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධිය ළගා කරගත…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ. අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බව එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමට අනුව එම හමුව පැවැත්වීමට නියමිතව තිබේ. එහිදි වර්තමානයේ උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්ය. මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුම් දී ඇතත් මේ දක්වාත් එම කටයුතු උපරිමයෙන් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි වී නොමැති බව මහාචාර්ය ශ්‍යාම බන්නැහැක…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ. එරට මාධ්‍ය සඳහන් කළේ, ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන ඇති බවය. 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ඇති ගුණතිලක පසුව ඇයව ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ බවට චෝදනා එල්ල විය. ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවිණි. සිඩ්නි පොලීසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිඥයින් එහිදී කරුණු හෙළිකළේය. මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිතය.
වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 14 ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා. ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එහිදී ඉටු කළේ නොනිමි මෙහෙවරක්. රට වැසියන් වෙනුවෙන් සෑම…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.