Author: LFN
ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී කිරීම්දී සමස්ත ගාස්තු අඩුවීම සියයට 3 ක් පමණි. එම විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8 කින් ද, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 7.2 කින් ද, ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4 කින් ද, අඩු වන බව ද එම කොමිසම කියයි. විදුලි ඒකක 180 කට වැඩි කාණ්ඩයේ ගාස්තුව…
රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ජුලි මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා ඇද වැටී තිබෙන රට ගොඩනගන්න නම් ශක්තිමත් පක්ෂ ව්‍යවස්ථාවක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කීය. 1987 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එජාපයට බලය අහිමි වූ බව කී වජිර අබෙිවර්ධන මහතා මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ…
ලන්ඩන් නුවරට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය මධ්‍යයේ පුහුණුවීම් හි නිරතව සිටි රාජකීය වාද්‍ය වෘන්දයේ ආරක්ෂකයෙකු සිහිසුන්ව ඇද වැටී තිබුණි. පසුව එම ආරක්ෂකයා නැවත නැගී සිට වාදනයේ නිරත වූ අයුරු දැක්වෙන දර්ශන පෙළක් බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබේ. කෙසේවෙතත් පසුව එම ආරක්ෂකයා ප්‍රතිකාර සඳහා යොමු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. චාල්ස් රජුගේ නිල උපන්දින උත්සවය වෙනුවෙන් පෙර පුහුණුවේ නිරතව සිටි ආරක්ෂකයින් තිදෙනෙකු මෙසේ සිහිසුන්ව ඇදවැටී ඇති බව වාර්තා වේ.
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි. ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි. එහිදී දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි. ඒ අනුව, 2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින්…
මේ දිනවල ඌණ රෝගී තත්ත්වයෙන් පසුවනවානම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, උණ රෝගී තත්ත්වයක් ඇත්නම් විවේක ගැනීම අනිවාර්ය බවය. “ඔබට උණ නම්, කළ යුතු ප්‍රධානම දේ විවේකය. එයින් අදහස් කරන්නේ ඔබ එදිනෙදා කරන රාජකාරිවලින් ඉවත්වීම. රාජකාරියට යන කෙනෙක් නම් දින කිහිපයක් රාජකාරියෙන් ඉවත්වීම හා පාසල් යෑමෙන් දින කිහිපයක් ඉවත්වීම. දෙවැනි කාරණය තමයි පුළුවන් තරම් දියරමය ආහාර වැඩිපුර එකතුකර ගැනීම. මේ මොහොතේ උණ කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පැරසිටිමෝල් ඖෂධය නියමිත මාත්‍රාව නියමිත අයුරින් ලබාගන්න උණ පාලනය කරන්න. ඒ හැරරෙන්න වෙනත්…
අධ්‍යාපනය සම්බන්ධයෙන් පත්කර ඇති කැබිනට් කමිටුව මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට අදාළ සියලු ගැටලු පිළිබඳ සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. CVCD විශිෂ්ටතා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධාන කරනු ලබන CVCD විශිෂ්ටතා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබාදෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක්කෙරේ. වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම…
මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි දැරියන් තිදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබේ. පෙරේදා රාත්‍රියේ එම දැරියන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව මඩාටුගම පොලීසිය සඳහන් කළේය. අධිකරණ නියෝග මත මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි එම දැරියන් තිදෙනා තාප්පයෙන් පැන පළාගොස් ඇති බව සඳහන්ය. ඔවුන් ගලෙන්බිඳුනුවැව, තලාව සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළේය. එම දැරියන් පළායාම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ද දැනුම් දී ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මේ පිළිබඳව දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස එම සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා වාර කිහිපයක් පවත්වනු ලැබීය. එහෙත් සිය ගැටලු සඳහා මෙතෙක් ස්ථීර පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් පැය 3කට ආසන්න කාලයක් හෝටලය තුළ බිම වාඩි වී සිටිමට සිදුව තිබේ. ICC තරගාවලියක ජාතික කණ්ඩායමකට දක්වන මෙම සැලකිල්ල පිළිබඳව මහීෂ් තීක්ෂණ සිය සමාජ මාධ්‍ය ගිණුමක එය පළකර තිබුණි. මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම දහවල් හෝටලයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් “පරීක්ෂා කිරීම” ප්‍රමාද වීමට හේතු…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි…