Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි
    Featured

    දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි

    By LFNJune 15, 2023Updated:June 15, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ධාවනය සඳහා හරස් මාර්ගයක් වසා තිබියදී ඒ හරහා පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් වාර්තා විය.

    කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය සඳහා වසා තිබියදී ඒ හරහා අනතුරුදායක ලෙස මෙම පෞද්ගලික බස් රථය ධාවනය කිරීමට උත්සාහ ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික බසයේ රියදුරා ලබන 20 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියම කළේය.

    සැකකරු ගල්නෑව අවුකන මල්බලිගල පදිංචිකරුවෙකු වන කලුතන්ත්‍රීගේ කසුන් අමරුවන් නමැති 30 හැවිරිදි අයෙකි.

    මෙම අනතුරුදායක සිදුවීම වාර්තාවී ඇත්තේ පෙරේදා (13) දිනයේදීය.

    ඊට අදාළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දුටු වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

    ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගැනීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කර තිබේ.

    පොල්ගහවෙල ⁣පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් රණවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ විමර්ශනය සිදුකර පැය 02ක් ඇතුළත අදාළ බස් රථය සොයාගෙන ඇත.

    අදාළ බස් රථය ගල්නෑවේ සිට කොළඹ බලා දිනපතා ධාවනය කරවන බස් රථයක් බව එහිදී හෙළිවී තිබේ.

    මෙම සිද්ධිය වාර්තා වන අවස්ථාවේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයේ සීග්‍රගාමී දුම්රියක් ධාවනය වෙමින් තිබී ඇති බවද ඒ බව දන්වමින් ආලෝක සංඥා දැල්වෙමින් තිබියදීත් පෞද්ගලික බස්රථයේ රියදුරා බස්රථය දුම්රිය මාර්ගය හරහා අනතුරුදායක ලෙස ධාවනය කරවීමට උත්සාහ දරා තිබේ.

    එම අවස්ථාවේදීම දුම්රිය එම ස්ථානය පසු කරමින් ධාවනය කර තිබූ අතර යම් අයුරකින් බස්රථය දුම්රියේ ගැටුණා නම් මීට කලකට පෙර මඟීන් 48ක් මරණයට පත් කරමින් තවත් මඟීන් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් වාර්තාවූ යාන්ගල්මෝදර පෞද්ගලික බස් හා දුම්රිය අනතුරට සමානම බිහිසුණු අනතුරක් සිදුවීමට ඉඩකඩක් තිබූ බවද පොලීසිය පවසයි.

    මිනීමැරීමට තැත් කිරීම, දුම්රිය පැමිණෙන බව සඳහන් ආලෝක වර්ණ සංඥා දැල්වෙමින් තිබියදී ඒ බව නොසලකාහරිමින් අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම, බස් රථයේ සහ දුම්රියේ මඟීන් හට අනතුරක් ඇති බව දැනදැනම ඒ බව නොසලකාහරිමින් රිය ධාවනය කිරීම සහ අනතුරුදායක තත්ත්වයක් ඇති බව දැන දැනම දුම්රිය ගේට්ටු වසා තිබියදීත් රිය ධාවනය කරවීම යන චෝදනා හතර යටතේ සැකකාර රියදුරා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.