Author: LFN

මඩකලපුවල චිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ අක්කර 8.6 ක ඉඩම නිදහස් කර නැවත රජයට බාර දුන් බව යුද හමුදාව පවසයි. රජයේ නියෝගයන්ට අනුකූලව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්.කේ. ආර්.කේ.හෙට්ටිආරච්චි මහතා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පද්මරාජා මහත්මියට එම ඉඩම්වල නිත්‍යානුකූල ලිපි ලේඛණ බාර දුන් බව යුද හමුදාව පවසයි. ආරක්ෂක සේනා මූලස්ථානය – නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආරක්ෂක කටයුතු සදහා මෙම ඉඩම භාවිතා කරනු ලැබීය. අවට ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් 56 දෙනකුට…

Read More

මාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාව ලේබලයට මුවා වී රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ජන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් එම ආයතනවලට අගතියක් සිදු වන බව පවසා එම මාධ්‍ය ආයතනවලට ලබා දී ඇති…

Read More

ඉකුත් වසරේ මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. එම අධිචෝදනා විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති අතර විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ජුනි මස 19 වනදා නීති කෘත්‍යය කැඳවීමට නියමිතය.

Read More

පාකිස්තානයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ලවී ඇති බව එරට කාලගුණවිද්‍යා බලධාරීන් පවසා තිබේ. ඒ අනුව පාකිස්තාන කාලගුණවිද්‍යා බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ Biparjoy නම් මෙම සුළි කුණාටුව සින්ද් වෙරළබඩ ප්‍රදේශවලට බලපානු ඇති බවය. සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ තවදුරටත් තීව්‍ර විය හැකි බවත් එය හෙට සින්ද් හි දකුණු සහ ගිනිකොනදිග ප්‍රදේශවලට බලපානු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි. එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසා ඇත්තේ, සුළි කුණාටුව හේතුවෙන් සින්ද් පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං, ධාරානිපාත වැසි සහ ගංවතුර බලපෑම් එල්ලවිය හැකි බවය. පාකිස්තානයට මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ එරට 03න් එකක් ජලගැලීම්වලට ලක්වීමෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට පවා රජයට නොහැකි…

Read More

කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවූ පුද්ගලයින් 23 දෙනෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණය නියෝග කර තිබේ. කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 09ක ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 දෙනාට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඊයේ (12) නියෝග කළේය. සැකකරුවන් පිරිස අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 බැගින් ලබාදී මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

Read More

රෝහල්ගතවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බද්දේගම රෝහලට ගොස් තිබේ. ඒ වෙඩි වැදි පළාගිය වරෙන්තුකරුවෙකු යැයි සැක සිතීම හේතුවෙනි. පසුව ඔහුට තුවාල සිදුවී ඇත්තේ වෙඩිවැදීමකින් නොවන බවට අනාවරණයවීම හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු නොකළ බව වාර්තා වෙයි. මත්කුඩු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ඌරගස්මංහන්දිය, ඇලකාන දියකඩිත්ත ප්‍රදේශයේදී පොලීසිය ඊයේ (12) වෙඩි තබා තිබුණි. පොලීසිය පැවසුවේ, සැරයන්වරයෙකුගේ ගිනිඅවිය සැකකරු උදුරාගෙන ඇති අතර, එහිදී ඇතිවූ පොරබැදීම අතරතුර කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් අයෙක් සැකකරුට වෙඩි තබා ඇති බවය. වෙඩි වැදුණු සැකකරු පළාගොස් ඇති අතර, සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකය. මෙලෙස වෙඩිවැදී ඇත්තේ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

කිලිනොච්චි කනිෂ්ඨ විද්‍යාලය පසුගිය යුද සමයෙහි බෙහෙවින් අමිහිරි මතකයන් ලැබූ පාසලක් ලෙස නමුත් දැන් ඒ සියල්ල වෙනස්ව තිබෙනවා. 2009 අවුරුද්දෙන් පසුව ඒ විදුහලට යහපත් කාලයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ. අද වන විට ඒ පාසලේ දරුවෝ සතුටින් ඉගෙනුම ලබා ඉහළම තැන්වලට පත්ව සිටිනවා. කෙසේ වෙතත් මෙම විද්‍යාලයෙන් බිහි වූ පළමු වෛද්‍යවරිය පිළිබඳ පුවත පසුගිය දා අසන්නට ලැබුණා. හර්ෂි නම් ඇය පසුගිය සෙනසුරාදා (10දා) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

Read More

පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක් වයසැති සිසුවකු ලග්ගල තෝරපිටිය වැවේ නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ආර්.පී. ගයාන් මදුෂාන් නැමැති සිසුවෙකි. මෙම විනෝද චාරිකාවට සිසු සිසුවියන් සමඟ උපකාර පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකු සහ එම දරුවන්ගේ මවුපියන් කිහිප දෙනකු ද ගොස් ඇති බව‍යි පොලිසිය පවසන්නේ. දියේ ගිලී මිය ගිය මෙම සිසුවා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටි අයෙකි.

Read More

කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ කේ.බී. චාන්දනී නම් මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර, ඇය නිවසේ සිට ඇත්තේ සිය 12 හැවිරිදි දියණිය සමගය. දියණිය පාසල් යාමට පිටත්ව ගිය පසු අද (12) උදෑසන 6.50ත් 7.05ත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ. සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණු අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැත.

Read More