Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආයෝජකයින්ගේ ගැටලු විසඳීමට පනතක්
    Featured

    ආයෝජකයින්ගේ ගැටලු විසඳීමට පනතක්

    By LFNJune 17, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙනඑන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ‍ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව ඔහු පෙන්වා දෙයි.

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙරට ආයෝජන සිදුකිරීමේදී බලපත්‍ර ලබාගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    එමෙන්ම ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා දී ඇති අතර මෙම මධ්‍යස්ථානය මගින් ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද දිලුම් අමුණුගම මහතා පෙන්වා දී තිබේ.

    නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    රට තුළට ගෙන එන ආයෝජන පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ආයෝජන සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍ය බවද මන්ත්‍රීවරු විසින් එහිදී පෙන්වා දී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.