Author: LFN

අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම්දී ඇති බවයි. හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකුට එවැනි අත්දැකීමකට මුහුණපෑමට කිසිදු දිනෙක සිදුවේ යැයි තමා අපේක්ෂා නොකළ බව ද ඔහු පවසයි. රහස්‍ය ලිපිගොනු වැරදි ලෙස පරිහරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කෙරිණ. විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහුට විරුද්ධව අධිචෝදනා 7 ක් ගොනුකර ඇතත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

Read More

ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබුණා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාව කාර්යාංශය වෙත ඊයේ කැඳවා සිදුකළ විමර්ශනයේදී වලංගු බලපත්‍රයක් නොමැතිව මුදල් ලබාගෙන ඇති බවට හෙළි වී තිබෙනවා.

Read More

මොනරෙකුගෙ ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාජකාරි අවසන් කර යතුරුපැදියේ යමින් සිටිය දී මහකුඹුක්කඩවල මදුරන්කුලියමාර්ගයේ අයියනායක දේවාලය අසලදී මොණරා පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණේ ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ. පොලිසිය පැමිණ මොනරා පිළිබඳ සෙවුවද සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් කොස්තාපල් වරයාඅනතුර හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read More

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග හිඟයක් පවතින බව වාර්තා වෙනවා. මේ නිසා සායනික සහ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට අධික මිලකට එම ඖෂධ මිලදී ගැනීමට සිදු වී තිබෙනවා.

Read More

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බවයි. ඒ අනුව යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බව ඔහු කියා සිටියේ ය. ලේකම්වරයා සඳහන් කළේ, යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බවයි. කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසී ය. මේ අතර පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට නිකුත් කරන කූපන් පත්වලින් 60% ක් මේ වනවිට බෙදා හැර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Read More

කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක් බේරාගෙන තිබේ. අතුරුදන්ව සිටි තවත් තරුණියක් ප්‍ර දේශවාසීන් විසින් බේරාගෙන කිරින්ද පර්යන්ත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර තවත් තරුණියක් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. මියගිය හා අතුරුදන්වූ තරුණියන් අවුරුදු 18ක් වන බිබිල ප්‍ර දේශයෙන් පදිංචිකරුවන් වෙයි. මොවුන් බිබිල ප්‍ර දේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍ර දේශයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

Read More

වෙලම්බොඩ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් ඊයේ (08) සවස නිවෙස බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියකට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු දැන්පිටිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී පිහියකින් ඇන තුවාල සිදු කර පලාගොස් ඇතැයි වෙලම්බොඩ පොලිසිය සඳහන් කරනවා. තුවාල ලැබූ පාසල් සිසුවිය මුලින්ම බඹරදෙණිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම සිසුවිය සහ ඇයගේ පෙම්වතා බව කියන තරුණයා අතර ඇතිව තිබූ ආරවුලක් මත මෙවැන්නක් සිදු කර ඇතැයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. පෙම්වතියට පිහියකින් ඇන පලා ගිය මෙම පෙම්වතා බව කියන තරුණයා අත්අඩංගුවට ගැනීමට වෙලම්බොඩ පරීක්ෂණ…

Read More

පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් පොලීසිය තුළ විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපවී වගඋත්තරකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත. බකමූණ පොලිස් ස්ථානයේදී මෙම සිදුවීම සිදුවී ඇත. එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග පැනගොස් ඇතැයි කියමින් බකමූණ පදිංචිකරුවෙකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණිලිකරු සහ විත්තිකරුවන් දෙදෙනෙකු පොලීසියට කඳවා තිබූ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තාවී තිබේ. එහිදී කාන්තා හා ළමා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු එකවරම ඔහු සඟවාගෙනවිත් තිබූ තියුණු ආයුධයෙන් පහරදීම සිදුකර ඇත.

Read More

පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදුකරන බවය. ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාවට නංවන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසීය.

Read More

විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී සොයාගෙන තිබේ. 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මුල්ලේරියාව පොලීසිය සිදුකළ විමර්ශනයකදී ඊයේ (08) පස්වරුවේ එම දරුවාගේ මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි. මියගොස් ඇත්තේ අවුරුදු 5යි මාස 6ක් පමණ වයසැති මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බව පොලීසිය පැවසීය. මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවාකාලයේ රැකියාව සඳහා පිටව යන බැවින් එම දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇති බව අනාවරණය වී තිබේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ස්ථානීය පරීක්ෂණය මේ වනවිට සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.…

Read More