Author: LFN
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත. වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ. ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.
ලංකාවේ ප්‍රථම වරට ඩ්‍රෝන නියමු පාඨමාලාවක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාවේ හා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි. පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන් ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවී සාකච්ඡා කර තිබේ. පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01දී එම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය. මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා ” පරිගණක යෙදුම් ” නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මගින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිය අන්තය වනවිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පැවසුවේ දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවය. ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය.
වගෝනපොළ ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් සඳහා පැමිණි දැරියකට යළි විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඒමට සහාය වූ පොලිස් නිලධාරියා පොලීසිය විසින් ඇගයීමට ලක්කර තිබේ. ඒ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදීය. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් කුලරත්න සහ ඊට අවසර දුන් මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න යන නිලධාරීන් අද පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට කැඳවා තිබුණි. වසර 11ක පාසල් අධ්‍යාපනයේ දැනුම උරගා බැලෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, දරුවෙකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කඩඉමකි. ගණිත විෂය, එම තීරණාත්මක කඩඉමේ සමස්ත ප්‍රතිඵලයටම බලපාන විෂය ධාරාවකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ දිනය වෙන්ව තිබුණේ, තීරණාත්මක ගණිතය…
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බව සඳහන් වෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් ලෙසටය. චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.
වාද්දුව වෙරළතීරය ආශ්‍රිතව දැවැන්ත කිඹුලෙකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී ඇති බව වාද්දුව පොලීසිය පවසයි. මේ හේතුවෙන් වෙරළතීරය අවට අනාරක්ෂිත ස්ථානයන්හි ගැවසීම සිදුනොකරන ලෙස ජනතාවගෙන් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී. අදාළ කිඹුලා අඩි 12ක පමණ දිගින් යුතු බවද ප්‍රදේශවාසීන් පවසයි. මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කිඹුලා මුහුදේ සැරිසරණ බවට අනාවරණය වීමත් සමඟ ධීවරයින්ද සිය කටයුතුවලින් ඈත්ව සිටින බවය. වාද්දුව පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවය.
සිය පවුල සමග බස් රථවලට නැග සොරකමේ නිරත වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විය පසුවන පුද්ගලයෙකි. සැකකරු සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ බස් රථවලට ඇතුළුවී මෙලෙස ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරකම් කර ඇත. බස් රථවලදී ජංගම දුරකථන සහ මුදල් පසුම්බි නැතිවීම පිළිබඳව ලද පැමිණිලි කිහිපයකට අනුව පිළියන්දල පොලීසිය CCTV දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන ඇත. අනතුරුව පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5200ක් පමණ ප්‍රමාණයක් ද හමුවූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න…
මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටියදී පීඩාවන්ට පත්වන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය ලබාදීම සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි. ඕමානයේ ගෘහ සේවයට ගොස් හිරිහැරයට ලක්ව අතරමංව සිටින වවුනියාවේ පදිංචි සෙල්ලයියා කාලි අම්මා නමැති කාන්තාවක් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් මෙම පෙත්සම ගොනුකළේය. එහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ. ඒ. එම්. හිල්මි ඇතුළු එහි…
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන අතිශය අප්‍රසාදය පළකරන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ සඳහන් කළේය. තෙවැනි වරටත් එම ආයතනය කෝප් කමිටුව හමුවට ඊයේ (07) කැඳවා තිබූ අතර එහිදී අනාවරණය වූයේ අනීතික ලෙස බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවය. රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් මෙම ආයතනයේ ක්‍රියාකලාපයට එරෙහිව ලැබී ඇති බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් සභාපතිවරයාගේ දැඩි දෝෂදර්ෂණයට ලක්විය. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය සිදුකිරීමට නොහැකි වී ඇති බව…