Author: LFN

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන තද සුළං පැ.කි.මී. 40-45ක අගයක් ගත හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

Read More

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනා පළමුවට පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 116කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබී ලකුණු 23ක් රැස්කළේය. දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත්තේය. වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3යි.

Read More

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ. මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

Read More

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති. ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක යැයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.

Read More

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද සඳහන් කළේය. ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව හෙතෙම ප්‍රකාශ කළේය. මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා…

Read More

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවට එකතුවීම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවටත්, විනය පරීක්ෂණයක් කරන බවටත් දැනුම් දෙමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස කීපයකට පෙර ලිපියක් නිකුත් කළ බව ද මධ්‍යම කාරක සභාව පෙරේදා රැස්වී අත්හිටුවීමට තීරණය කළේ එම ලිපිය බව ද ඔහු…

Read More

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම ටෙස්ට් තරඟය සඳහා 2021 – 2023 වසරවලදී කණ්ඩායම් 09ක් සහභාගී වූ අතර ඕස්ට්‍රේලියාව තරග 19න් 11ක් ජයගෙන පළමු ස්ථානයටත් ඉන්දියාව තරග 18න් 10ක් ජයගෙන දෙවන ස්ථානයට පත්වී තිබෙනවා. මේ අතර හෙට ආරම්භ වන තරගය ජයගන්නා කණ්ඩායම පිළිබඳව හිටපු සුපිරි ක්‍රිකට් තරු 05ක් වන රිකී පොන්ටින්, රවී ශාස්ත්‍රී, වසීම් අක්‍රම්, ඉයන් බෙල්, රොස් ටේලර් අනාවැකි පළකර තිබෙනවා . කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් 5 දෙනා අතරින් ඔස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩක රිකී පොන්ටින්, පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ නවසීලන්ත හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර්…

Read More

මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා (06) ප්‍රකාශ කළේය. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අදාළ යන්ත්‍ර විශාල මුදලක් ගෙවා මිලදී ගත් බවටත්, කොමිස් මුදල් ඉලක්ක කෙරුණු බවටත් ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ ජනතාව නොමඟයවන සුලු අසත්‍ය ප්‍රචාර බවය. මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනික ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතයෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සංගම් (05) අනාවරණ කර තිබුණි. අද කැබිනට් මාධ්‍ය…

Read More