Author: LFN

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. එම සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය එහිදී නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ මුදාහැරීමටය. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා එළඹෙන 26 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය. සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ…

Read More

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය දිනවා වාර්තා වූ කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමිනි. ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක…

Read More

ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී තිබේ. මේ දක්වා පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති අතර 2022 සැප්තැම්බර් මාසයෙන් පසුව එසේ බොර තෙල් මිල අඩුවූ දීර්ඝතම කාලය එය වෙයි.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ. ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදාගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම බැඟින් යොමු කර ඇත. ගිං ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිව ඇති ජල ගැලීම් තත්ත්වය හමුවේ එම ප්‍රදේශ වෙත යොමු කර ඇති නාවික…

Read More

රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කර තිබුණි. කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි. ඇතැම් සේවකයින් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස…

Read More

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් යාපනයේ ජනතාව හා එක්ව, අන්තවාදී දෙමළ දේශපාලකයන්ගේ දැඩි විරෝධයට ලක්ව ඇති යාපනය කන්කසන්තුරය තිස්ස බෞද්ධ විහාරය රැකගැනීම උදෙසා වූ පාගමනක් සංවිධානය කළ පුවතක් වාර්තා වේ. තිස්ස විහාරයට පාගමනින් ගොස් ආගමික වතාවත්වල නිරත වූ යාපනයේ ජනතාව මෙහිදී අන්තවාදී දෙමළ දේශපාලකයන්ට දැඩි විරෝධයක් දක්වා ඇති අතර, මෙම පාලමන සැලසුම් කළ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා මෙහිදී පැවසුවේ යාපනයේ දමිළ ජනතාව කිසි ලෙසකින්වත් ආගමික සංහිඳියාවට එරෙහි පිරිසක් නොවන බවයි. එමෙන්ම යාපනයේ සිවිල් ජනතාවට මුවාවී ආගමික සංහිඳියාවට එරෙහිව කටයුතු කරන්නේ එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් බවයි ඔහු මෙහිදී හෙළිකළේ.

Read More

මහා සංඝරත්නයේ උපදෙස් පරිදි සංඝාධිකරණ පනත නව සංශෝධන සහිතව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට කෙටුම්පත් කර ඇති එම පනත සංශෝධන සහිතව බලාත්මක කිරීම හරහා ශාසනික කටයුතු පිළිබඳව මතුවන ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. “සාසනික කටයුතු පිළිබඳ මතුවන ගැටලු විසඳීම සඳහා සංඝාධිකරණයක් අවශ්‍ය වුණොත් එවැනි සංඝාධිකරණ නිර්මාණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට බලය දෙන බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරපු සම්පාදකයෝ ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒ ප්‍රතිපාදනවලට අනුකූලව අපි කෙටුම්පත් කරපු සංඝාධිකරණ පනත අවශ්‍ය නම් තවත් වැඩිදියුණු කිරීම්…

Read More

දිවයිනේ ආපදා තත්තවයන් ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග ඊයේ (14) පැවති හමුවකදී ඔහු එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට, ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එහිදි උපදෙස් ලබාදී ඇත. නායයෑම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු…

Read More

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය. එම ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ලබාදී ඇති බව සඳහන්ය. එහි මුල් අදියර තුළ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කර තිබේ. කෘෂිකර්මාන්තයට…

Read More

නව තාක්ෂණය සමග ඉදිරියට යෑමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරන බැවින් ඊට සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටී. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් පිරීම නිමිත්තෙන් එම හමුව සංවිධානය කර තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් ජනාධිපතිවරයා, “ඉහළ ප්‍රමිතීන්ට අනුව කොහොමද විශ්වවිද්‍යාල දියුණු කරන්නේ කියලා අපි බලමු. කොහොමද අපි එය කරන්නේ? මේ සඳහා ආදි ශිෂ්‍යයින්ට ලොකු වගකීමක් තියෙනවා. ඇයි අපිට බැරි වසර 10ක සැලැස්මක් නිර්මාණය කරන්න කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරන්න. එවැනි සැලැස්මක් ඉදිරිපත් කරනවා නම් ඊට සහාය දීමට රජය සූදානම්. කෘත්‍රිම…

Read More