Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ක්‍රමය වෙනස් කරන්න නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් වන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඊයේ (13) මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බාහිරින් තරුණ නියෝජිතයින් තෝරාගන්නා ලෝකයේ පළමු අවස්ථාව මෙය බවයි. මේ නිසා මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස තමන් මෙම තරුණ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. සංශෝධනය කළ ස්ථාවර…
මැදපෙරදිග කලාපය සමග පවතින සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී. ඒ සඳහා වන නව ව්‍යාපෘති සැලසුම් කරමින් සිටින බවත් ඉන්දියාව පවසා තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය මැදපෙරදිග කලාපය වෙත සිදුකරන මැදිහත්වීම් ඉහළ නැංවීම හේතුවෙන් ඉන්දියාව ද සිය කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ, හමුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අමෙරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක උපදේශකවරුන් හමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. එහිදී දුම්රිය මාර්ග හරහා මැදපෙරදිග රටවල් සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇතැයි ද පැවසෙයි. ඊට අමතරව ඉන්දු පැසිෆික් මෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ද චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී…
සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600කි. මෙම මිල අඩුකිරීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ සිද්ධියට මුහුණදුන් තරුණයා පවසන්නේ, තමන්ට කඳවුරු බැඳීම සඳහා මඟපෙන්වු පුද්ගලයා එම ස්ථානය අලිමංකඩක් බවට නොපැවසු බවය. තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන 22 හැවිරිදි ධනුෂ්ක මධුෂාන් තමා මුහුණ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍යයට අදහස් පළකළේය. “බයික් දාපූ සැනින්.. කොල්ලෙක් ආවා දුවගෙන ගයිඩ් විදිහට. අපිව පහළට එක්කගෙන ගියා. ටිකක් පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එයාම සුද්ද කළේ කිව්වා. එතන ටෙන්ට් එක ගහන්න කිව්වා.” “උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න. ඔය හරහා එන්නේ නැහැ කිව්වා. අපි නූඩ්ලිස් උයලා කෑවා. කාලා එහෙම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට සද්ද ඇහුණා.. අපිත් එක්ක බල්ලෙක් හිටියා. බල්ලත්…
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව වැනි රටවල් සමග තවත් වෙළෙඳ අවස්ථා වැඩි කරගත යුතු බව එරට කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් එක්සත් රාජධානිය ගිවිසුම්ගතව සහාය දිය යුතු බවය. ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හා ඊට එක්සත් රාජධානියෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් වන විශේෂ සැසියක් එක්සත් රාජධානී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. කන්සර්වේටිව් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ්, “එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර දැනටමත් පවතින සබඳතාවය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ සංවිධාන වෙත දායකත්වය ලබාදී තිබෙනවා. පැරිස් සමාජයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස, එක්සත් රාජධානිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට දැඩිව මැදිහත්වී සිටීමත් වාසනාවක් ලෙස මා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවය. සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි. පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම ගිනි නිවන අංශ ද සීරුවෙන් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. කොළඹ ආරක්ෂාව තර කිරීම සමබන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා පිළිබඳව “අද දෙරණ” කළ විමසීමකට පිළිතුරු දෙමින් ආරක්ෂක…
ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්‍රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු, ගුවන් හමුදාවේ දෙදෙනෙකු සහ නාවික හමුදවේ ක්‍රීඩිකාවකද වන බව තහවුරු වී ඇත. කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර, එම නිලධාරියා ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සොරකම් කර ඇති බවත් ඉන් පසුව ඔවුන් පැනගොස් තිබෙන බවත් හෙළිවී තිබේ.
පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNAවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. “mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව වාර්තා වෙයි. මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබයි. කෙසේවෙතත් දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතුවීමෙන් දරුවන් මියයෑමට හේතු වෙයි. මයිටොකොන්ඩ්‍රියා රෝග සුව…
පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළ බවට සැකකරන තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගස් සැකකරුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන අත්තායි හා කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් අද (13) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.