Author: LFN

කිසියම් පුද්ගලයෙකු විසින් වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් අද (11) උදෑසන සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිය රාජකාරිවලින් ඉවත්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අදාළ පුද්ගලයාව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරු අද දින හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු සියලුම ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව ඇති බවය. මේ හේතුවෙන් අද උදෑසන රෝහලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. වර්ජනය හේතුවෙන් භාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සහ සායනික කටයුතු සියල්ල ද අඩපණ වී ඇති අතර ජලභීතිකා එන්නත් කිරීම පමණක් සිදුකෙරුණි. වර්ජනය හෙට (12) උදෑසන 8 දක්වා ක්‍රියාත්මකය.

Read More

අත්අඩංගුවට පත්වූ කඩුවෙල හිටපු උපනගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම ඊයේ (10) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය සඳහන් කළේ, තලංගම, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු තුවාල ලබා තලංගම රෝහලට ඇතුළත් කළ බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එම පහරදීම කඩුවෙල මහ නගර සභාවේ හිටපු උපනගරාධිපති සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මෝටර් රථ 2කින් පමැණි සිදුකර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. එම පිරිස සමාජ මාධ්‍ය ක්‍රියාකරුට හා ඔහුගේ මෝටර් රථයට පහරදී ඇති බවට…

Read More

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේය. “මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙට්‍රල් ත්‍රීවිල් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් පටන් ගන්නවා අද සිට. ඒ අනුව තෝරාගන්නා ලද පෙට්‍රල් ත්‍රීවිල් 300ක් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා අපිට සම්පූර්ණ මුල්‍ය ආධාර ලබාදෙනවා UNDP ආයතනය විසින්. එතකොට ත්‍රීවිල්හිමියන්ට වියදමක් වෙන්නේ නෑ සතයක්වත් මේ…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත. මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වනු ඇතැයි මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Read More

එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට දකුණු අප්‍රිකානු කණ්ඩායම පත්ව තිබේ. ඒ අනුව මේ වන විට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් සෘජුවම සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වෙයි. මේ අතර සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වන කණ්ඩායම් 10 අතරින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙකකට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවනු ඇති. සුදුසුකම් ලැබීමේ වටයට එක්වන කණ්ඩායම් 10 පහතින්. සිම්බාබ්වේ ස්කොට්ලන්තය නේපාලය අමෙරිකාව බටහිර ඉන්දීය කොදෙව් නෙදර්ලන්තය ඕමානය ශ්‍රී…

Read More

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ. පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගත්තේය. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීය.

Read More

දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට අතිශය අවදානම් වනු ඇති බවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. මේ හේතුවෙන් නොපමාව අවශ්‍ය පියවර ගත යුතු කාලය දැන් එළඹ ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි. දත්තවලට අනුව 2022 මැයි මාසය අවසන් වන විට මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම වසර ආරම්භයේ සිට මැයි මස 09 වැනිදා, එනම් ඊයේ උදෑසන වන විට පමණක් රට තුළ ඩෙංගු රෝගීන් 31,993 ක් වාර්තා වී ඇති බවය. ඉන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පළාතටය. එම පළාතෙන් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 15,746 කි.…

Read More

කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවය. මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කළ පුද්ගලයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ යටවර වත්තේගම ප්‍රදේශයේදීය. අදාළ පුද්ගලයා ”නිලූ නිලූ” නමින් ව්‍යාජ ගිණුමක් සකස්කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකර තිබී ඇත. 40 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක් ලෙස සේවය කරන අයෙකු බව පොලිසිය පැවසීය. වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන දැනට දික්කසාද වී සිටින පුද්ගලයකු බවය. සැකකරු කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇති වේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More